විදර්ශනාවට ආයතන 12 | ශුෂ්ක විපස්සනාව | Sujatha Puthra Meditation Center
Ven.Galagedara Naradawansha Thero
0:00 / 0:00
විදර්ශනාවට ආයතන 12 | ශුෂ්ක විපස්සනාව | Sujatha Puthra Meditation Center
7 209 просмотров · 4 года назад
Ven.Galagedara Naradawansha Thero
7,58 тыс. подписчиков
7 209 просмотров · 4 года назад
#ආයතන_12 #දේශනා_02
විදර්ශනාව භාවනාව කරන යෝගාවචරයින් හට උපකාරයක් අත්වැලක් වශයෙන් සිදි කළ මෙම දේශනාව ප්‍රායෝගික භාවනා අත්දැකීමක් සඳහා යොදා ගැනීමට පහසුවක් වේවි. සත්ත්ව පුද්ගලභාවයෙන් ශූන්‍ය වූ මේ ලෝකයෙහි අවිද්‍යාව හේතුවෙන් සත්ත්ව පුද්ගල භවක් පනවා ගැනීම නිසා අප සියලු දෙනා මෙහි සිර වී දුක් විඳිමින් කල් ගෙවන්නෙමු. එයින් මිදෙනු කැමති සැදැහැතියන් උදෙසා මෙය වටිනා ඖෂධයක් වේවායි පතමි.
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි.
ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!!
මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා.
මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!