Перейти к содержимому

පටිච්ච සං උප්පාද දේශනාව,පරම පවිත්‍ර සිරි සද්ධර්මය.

පටිසංභිදා patisanbhidha

0:00 / 0:00

පටිච්ච සං උප්පාද දේශනාව,පරම පවිත්‍ර සිරි සද්ධර්මය.

75 просмотров · 3 месяца назад
පටිසංභිදා patisanbhidha
33 подписчика
75 просмотров · 3 месяца назад
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා! බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ පවා නිබ්බානගාමී මාර්ගය විනාශ කොට දමන්නට අන්‍ය තීර්ථක බමුණු පරිබ්‍රාජකයෝ ඔවුන්ට කළ හැකි උපරිම කුමන්ත්‍රණ සිදු කළහ.එහෙත් අරිය භූමියේ ශක්තියෙන් එය විනාශ කිරීමට නොහැකි විය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිවන් මඟ වසා දැමීමට බමුණු පරිබ්‍රාජකයන් පමණක් නොව බුදු දහම තුළින්ම නිර්මාණය වූ මහායාන නම් භික්ෂු පිරිසක්ද කටයුතු කොට ඇත.ඔවුන් නිවැරදි අරහත් මාර්ගයේ ගමන් කරන මගඵල ලාභී අරිය උතුමන් විවේචනය කරමින් සිරි සද්ධර්මය වැරදි බව පවසමින් ඔවුන්ට ආවේණික මහායාන ධර්මයක් දේශනා කළහ. ඔවුන්ගේ දර්ශනය තුළ බුදු, පසේබුදු, මහා අරහත් යන තුන්තරා බෝධිය ප්‍රතික්ෂේප කරන අතර සසරෙන් එතෙර වීමට එකම යානයක් ඇත එනම් මහායානය බව ප්‍රකාශ කළහ. බ්‍රාහ්මණ වංශිකයන් මෙන්ම අනෙකුත් ජාතීන්ද මහායාන ආගම තුළ පැවිදි වී නිබ්බානගාමී මාර්ගය විනාශ කොට දැමීමට ඔවුන්ට සිදු කළ හැකි උපරිම දේ සිදු කළහ.මෙය සියවස් ගණනාවක් මුළුල්ලේ පැවතුනද එය අරිය භූමියේ ශක්තියෙන් කිසිවෙකුට විනාශ කිරීමට නොහැකි විය.පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය ඇති දෙව් මිනිසුන් ඇතිතාක් කිසිවෙකුට නිබ්බානගාමී මාර්ගය විනාශ කිරීමට නොහැකි වීම ධර්මතාවයකි.නමුත් මඟ ඵල ලැබීමට පින් ඇති දෙව් මිනිසුන් අඩුවන විට ධර්ම මාර්ගය යටපත් වීම ප්‍රඥානුසාරි බුද්ධ ශාසනයක ස්වභාවයයි. ඒ අනුව මීට වසර 1800 කට පමණ පෙර විශේෂයෙන් බුද්ධඝෝෂ නම් පාලි අටුවා චාර්යවරයාගේ යුගයට පසුව මහා විහාර අභයගිරි ගැටුමක් නිර්මාණය කරමින් අරහත් මඟ රැකගෙන ආ මහා විහාරය ගිනිබත් කරමින් මහා විනාසයක් සිදුකොට තිබේ.මෙය වෙනම පැහැදිලි කළ යුතු ඓතිහාසික කතාවක් වන බැවින් මෙහිදී එය ඉදිරිපත් නොකරමි.කෙසේ වෙතත් මෙයින් සිංහල ජාතියට සිදුවුණු ප්‍රධනතම විනාශය නම් සියවස් ගණනාවක් මුළුල්ලේ සොයාගත් සිව් සැට කලාවක් හෙළ දැනුම් පද්ධතිය සහ අරහතුන් වහන්සේලා සහ මගඵලලාභී අරිය උතුමන් වහන්සේලා නිබ්බානගාමී මාර්ගය විස්තර කරමින් ලියා තැබූ හෙළ අටුවා සහමුලින්ම විනාශ වීමයි.මෙහිදී ඇත්තු හත් දෙනෙක් බර පුස්කොළපොත් ගිනිබත් වූ බව වංශ කථාවල සඳහන් වෙයි. ඒ වෙනුවට ඉතුරු වූයේ බුද්ධඝෝෂ හිමි විසින් පාලියෙන් රචනා කොට අභයගිරියේ තැන්පත් කොට තිබූ.අද ස්වාමීන් වහන්සේලා මහා ඉහළින් ගරුකොට සලකන පාලි අටුවා ග්‍රන්ථ ටික පමණි.මෙම සිදුවීමත් සමග ක්‍රමාණුකූලව නිබ්බානගාමී මාර්ගය වැසී වැළලී යටපත්ව ගොස් ඇත.මෙයද ධර්මතාවයක් බැවින් මේ පිළිබඳව හටගන්නා වූ සංඛාර උපාදානයෙන් මිදී කටයුතු කළ යුතුය. නැවත විසි එක්වන සියවසේ මුල් භාගයේ එනම් අප ජීවත් වන මේ යුගයේ මග ඵල ලැබීමට පිං ඇති මිනිසුන්ගේ බිහිවීමත් සමඟ ධර්මතාවයෙන් සම්මා දිට්ඨික දේව කොට්ඨාස මිනිසුන් ලෙස ඉපිද චතු අරය සත්‍ය ධර්මය මේ හෙළ භූමිය තුළ පණ පිහිටවීමට කටයුතු කොට ඇත. චතු අරිය සත්‍ය ධර්මය තමා තුළ පණ පිහිටවා ගැනීමට උපකාර වන්නා වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ඇතුළත් මෙම දේශනා විශාල සත්ව ප්‍රමාණයකගේ මඟ ඵල පූරණය සඳහා උපකාර වේවා! යන්න පටිසම්භිදා නාලිකාවේ පරමාර්ථයයි. links youtube දහම් අටුවාව    / @dahamatuvawa   youtube පරම නිබ්බාන ධර්මායතනය    / @paramanibbanadharmayathanaya   youtube සිරි සදහම් සාකච්චා    / @nava-kit   youtube දම්සක්    / @dhamsak   youtube දම්තරණ    / @damtharana