කෙබරගෙ සූදුව
Kebara Kota Official: කෙබර කොටා
0:00 / 0:00
කෙබරගෙ සූදුව
10 480 просмотров · 21 ч назад
Kebara Kota Official: කෙබර කොටා
2,12 тыс. подписчиков
10 480 просмотров · 21 ч назад
කෙබරගෙ සුදුව
මුල්ගීයෙහි අයිතිය : (ගී පද) : පූජ්‍ය අරඹේපොළ රතනසාර හිමි/ Ven Arambepola Rathanasara
මුල් පලකිරීම : @ranahansa You Tube නාලිකාවෙහි ඇත.
මෙම අපගේ චැනලයේ ඇති ගීයෙහි තනුව වොයිස් සහ නිෂ්පාදනය : Kebarakota Official වෙතිනි.
මුල් ගී පද වල තිබූ ඇතැම් කොටස් මෙහි වෙනස් කර ඇත. ඊට හේතුව නම් ඒවා තනුවට අදාල මාත්‍රා ගණන් සම්පුර්ණ කොට නොතිබුණු බැවිනි. නෙයිනගෙ සුදුව නමැති මුල් තනුවට ගැලපෙන අයුරිනුත්, අරඹේපොල රතනසාර හිමියන් විසින් රචනා කරල ලද ගීයෙහි මුල් පදවල අර්ථයන්ට හානි නොවන අයුරිනුත් මෙම නව ගීයෙහි ගී පද සංශෝධනය කර ඇත.
පළමුව මම වැන්ද බුදුන් / සිහි කරගෙන / ඒ ගුණ කඳ
දෙවනුව මම / සදහම වැඳ / මුදුනත් කර / නමදිමි සොඳ
තෙවනුව මහ / සඟරුවනට / සාදු කියා / නමදිමි තද
කෙබරගෙ මේ / සූදුව දැන් / කියමු කවෙන් / අහපන් සොඳ
රණ් බන්ඩගෙ / පොඩිම කොල්ල / හීන ගොඩක් / අපට දෙන්න
කට උල් කර / කියපු කතා / අපිත් ගියා / අහන් ඉන්න
ඉන්නා තැන / අමතක වී / පටන් ගත්ත / ඇඹරෙන්නට
ඇන්ද චිත්‍රෙ / පාට කොහෙද / අහසෙත් නෑ / හොයා ගන්න
උගන්ඩාවේ / සල්ලි ගැනත් / කියපු කතා / මතකද අද
ගෙනෙන දවස / කවදාදැයි / අපිත් බලා / ඉන්නෙ තවම
සල්ලිවලට / මොකද උනේ/ හොරු ගත්තද/ අතර මගදි
කතා කළේ / අහස් නැවෙන් / සල්ලි එන්නෙ / පයින්ද අද
හැකර් කෙනෙක් / සල්ලි ගත්ත / කතාවෙ තතු / කියා දෙන්න
මාස දෙකෙන් / ගේනව කිව් / සල්ලි කොහෙද / බලාපන්න
දින ගැනලා / කැලැන්ඩරෙත් / වෙහෙස වෙලා / වගේ නේද
මාස දෙකට / දින කීයද / අලුත් ගණන / කියාපන්න
නැවෙන් බාන / මිලටම තෙල් / දෙනව කිව්ව / හැටි මතක ද
නැව නම් දැන් / වරායෙ ඇති / අඩු මිල තව / මහ මුහුදෙද
පරණ සුතුරෙ / පවුඩර් ගා / අලුත් වෙලා / වගේ හැඩයි
පොම්පෙ දැකල / පසුම්බියත් / අතේ ඉඳන් / ඉකිගසන්නෙ
කෑම බද්ද / අහක් කරන / කතාව ගියෙ / ගෙයින් ගෙයට
කඩේ ගිහින් / මිල ඇහුවම / තරු පේනව / දවල් අපට
පරිප්පු ඇට / ගණන් කරන / කාලෙ ඇවිත් / නේද රටට
පොරොන්දුවෙන් / හොද්ද හදමු / ලු ණු ත් දාල / ඇති පදමට
විදුලි බිලත් / අඩු කරන්නෙ / කිව්වා ලොකු/ කයිය ලෙසට
බිල දැක්කම / ඇස් දැල්වෙයි / බල්බ මොටද / තව අපහට
ගෑස් හිගයි / බලු විගඩම් / බලා ඉඳිමු / ඩෝබි විලස
අපේ පවද / පුටුවෙ පිනද / සැප ලැබුණේ / උන්ට නොවෙද
හෙලිකොප්ටරෙ / යන්නෙ ම නෑ / කිව්ව කතා / මතකයි තව
ගමන් ගණන් / පෙන්නුවොතින් / අපටත් එය / පැහැදිලි වෙද
බිමදි කියපු / වචන උඩදි / හුළඟ සමඟ / ගියා නොවෙද
පුටුවට තටු / දෙකක් ඇවිත් / මිනිහා දැන් / උඩින් ගමන
තුන්සිය විසි / තුනක් පෙට්ටි / කන්ටේනර් / කොහෙද ගියේ
ආගිය තැන් / ලියපු පොතත් / තවමත් නෑ / හොයා ගන්න
පෙට්ටිවලට / කකුල් ඇවිත් / පයින් ගිහින් / හැංගුණාද
ගණන් පොතත් / වරාය ළඟ / නිවාඩුවට / නැව් නැගලද?
වැව් පන්සියෙ / කතාව නම් / එදා ඇහුණෙ / හරිම රහට
හැදුණු ගණන / කියනු මැනවි / ඇඟිලි නවන් / ගැන බලන්න
වැස්ස වැටී / පිරුණු මිදුල් / ගන්න වෙනව/ වැව් ගණනට
බේසමකුත් / දෙන්නම් මං / වැවක් කියා / ලියා ගන්න
බාල අඟුරු / චෝදනාවෙ / ඇත්ත මොකද / කියාපන්න
පරීක්ෂණේ / ලියවිලි ටික / රටම බලා / ගන්න ඕන
අඟුරු කළුයි / කතාව සුදු / ගණන් පාට / හැංගුණාද
දුමෙන් ලියන / උත්තර නම් / අපට කියව / ගන්න නොහැක
කෙබර කොටා / මහත්තයෝ / අපෙ කතාව / අසාගන්න
හිතේ යටින් / තියෙන ප්‍රශ්න / ටිකට කරුණු / දෙන්න ඕන
ගණන් හිලව් / පෙන්නුවොතින් / අපේ විහිළු / නතර වේවි
රණ්බණ්ඩට /ඉන්න තැනක / යහතින් කල් / අරිනු ඈකි