සුරතල් නංගියේ අපෙ අම්මා - surathal nangiye Ape Amma - sinhala Kids Song
Rupavahini Animation Studio
0:00 / 0:00
සුරතල් නංගියේ අපෙ අම්මා - surathal nangiye Ape Amma - sinhala Kids Song
7 022 415 просмотров · 7 лет назад
Rupavahini Animation Studio
790 тыс. подписчиков
7 022 415 просмотров · 7 лет назад
#ළමාපිටියගීත #RupavahiniKids #RupavahiniCartoon
ගුවන් විදුලි ළමා පිටියෙන් අැසුනු ගීත.
ගායනය - ට්‍රිලීශියා ගුණවර්ධන
යු. එස්. පෙරේරා
සුරතල් නංගියෙ අපෙ අම්මා..
ඇඟ ලේ කැටි කිරි කර නම්මා..
පොඩි අවදියෙ අපහට පෙව් හින්දා
අම්මට මම වැන්දා..
අයියා කීවා මට හරි නෑ..
තාත්තා අම්මට වැඩිය හොදයි..
නිතරම අප ගැන වෙහෙසෙන හින්දා
පියාට මම වැන්දා..
නංගී එය හිතුවොත් වැරදී..
එතකොට නංගිට පවු සිදුවෙයි..
ඔබ පොඩි කාලේ සුරතල් බල බල
අම්මා දුක් වින්දා..
තාත්තා දොදොලුත් දෙන්නේය..
දුන්නම අයියත් ගන්නේය..
මදිවී තව ඉල්ලන්නෙත් අයියයි
බැන්නෙත් අද අයියයි..
දොදොල් කියා මොනවා දුන්නත්..
මෝඩියෙ කොපමණ උඩ පැන්නත්..
අම්මා පියාට වැඩිය හොඳයි මට
නංගියෙ ඔබ බැන්නත්..
නැටුම් බලන්නට එදා ගොසින්..
මිනිස්සු වටවී හිටිය නිසා..
මාව වඩාගෙන පෙන්නුවෙ අයියේ
තාත්තා නොවෙද මගේ..
නංගිගෙ තාත්තා කළුම කළුයි..
අපෙ අම්මා නම් සුදුම සුදුයි..
එබැවින් අම්මා පියාට වැඩියෙන්
සුදු පාටින් ඉහළයි..
අයියේ සුදු නම් ලස්සණ ද..?
පොල් බෑයත් හරි සුදු නේද..?
එබෑවින් අයියට සැමටම වැඩියෙන්
ලස්සණ පොල් බෑයයි..
නංගී හොඳ නෑ දඟ කෙල්ල..
කොයි දේකටවත් නැහැ මෙල්ල..
අම්මා ඔබ හට ලෙඩ සෑදුන විට
කඳුළු සලා හැඬුවා..
ඔය වචනය අයියේ හරියෑ..
අඬන්න නම් කාටත් බැරියෑ..
දවසක් අයියත් දොර ළඟ වැටිලා
හූ තිය තිය ඇඬුවා..
අපි මෙය දැන් බේරා ගනිමු..
සිරි අයියාගෙන් ගොස් අසමූ..
අම්මද තාත්තද හොඳ කියලා
එතකොට සිරි අයිය කියයි..
ඔව් ඔව් මම ඒකට කැමතී..
සිරි අයියල මේවා දනිතී..
යමු යමු අයියේ යමු යමු අයියේ
සිරි අයියා ළඟටා..
සිරි අයියේ කරුණක් අසමී..
අම්මද තාත්තද වැඩිය අගේ..?
කරුණාවෙන් සිරි අයියා අපහට
බේරා දෙනවාදෝ..?
අම්ම හොඳයි කිවුවත් වැරදී..
(හූ..හූ)
තාත්ත හොඳයි කීවත් වැරදී..
(හූ..හූ)
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොඳය කියා..
Re uploading, Capturing ,DVD authoring, selling, is Prohibited -
සියළුම හිමිකම් අැවිරිණි -
All Right Received By Sri Lanka Rupavahini (TV) Corporation -
® © 2018