Перейти к содержимому

සතර ඕඝය ~ Most Venerable Watagoda Maggavihari Thero.

සබ්බදානං ධම්ම දානං ජිනාති

0:00 / 0:00

සතර ඕඝය ~ Most Venerable Watagoda Maggavihari Thero.

672 просмотра · 2 г. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,69 тыс. подписчиков
672 просмотра · 2 г. назад
සතර ඕඝය ~ ඔඝ තරන සූත්‍රය ආශ්‍රයෙන්,. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” සතර ඕඝය, කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ * සහ "සක්කාය දිට්ඨිය" ස්පර්ශ ආයතන හයම නිසා මගේ රූපෙ, මගේ ශබ්දය, මගෙ ගන්ධය, මගෙ රස, මගේ ස්පර්ශය මගේ සිතිවිලි කියලා හය නිසා, මගේ කියන ගතියෙන් ආයතන ටික පිරිමදින්න සුදුසුද? මේ දුක් වූ ස්පර්ශ ආයතන හය දුක්ඛ සත්‍යනම් ඒ නිසා ඇතිවූ මාන්‍ය. මම, මගේ යන ප්‍රපංච මනසේ ඇතිවූ කෙලෙස් ටික නම් මේ කෙලෙස් ටිකෙන් මේ ස්කන්ධ ටික පිරිමදින්න සුදුසුද? මේ ආයතන එකක්වත් තමන්ද? තමන්ගෙද? තමන්ගේ ආත්මයද ? අනාත්මයි. අනාත්ම වූ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච ඇතිවෙන්න පුළුවන්. මම කියන හැඟීම ඇතිවේ. ඒ ඇතිවෙන ආයතන පිරිසිඳ නොදැකීම නිසා, මම යන හැඟීම ඇතිවෙන විට ඇතිවූ හේතුව "සක්කාය දිට්ඨිය" යි. ඔඝතරන සූත්‍රය, කථන‍්නු ත්‍වං මාරිස, ඔඝමතරීති? නිදුකානන් වහන්ස, නුඹවහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක් ද? ~ අප‍්පතිට‍්ඨං ඛ‍්වාහං ආවුසො අනායූහං ඔඝමතරින‍්ති. ඇවැත්නි, මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි. යථා කථං පන ත්‍වං මාරිස අප‍්පතිට‍්ඨං අනායූහං ඔඝමතරීති? නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කළ සේක් ද? ~ යදා ස‍්වාහං ආවුසො සන‍්තිට‍්ඨාමි. තදාස‍්සු සංසීදාමි. යදා ස‍්වාහං ආවුසො ආයූහාමි තදාස‍්සු නිබ‍්බුය‍්හාමි. එවං ඛ‍්වාහං ආවුසො අප‍්පතිට‍්ඨං අනායූහං ඔඝමතරින‍්ති. ඇවැත්නි, මම යම් විටෙක පිහිටා සිටිම් ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම් ද එකල්හි ඉල්ප යෙමි. ඇවැත්නි, මෙසේ මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි. චිරස‍්සං වත පස‍්සාමි බ්‍රාහ‍්මණං පරිනිබ‍්බුතං, අප‍්පතිට‍්ඨං අනායූහං තිණ‍්ණං ලොකෙ විසත‍්තිකං. නො පිහිටමින් වෑයම් ද නො කරමින් ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ක්‍ෂීණාස්‍රවබ්‍රාහ්මණයකු කලෙකින් දකිමි. ~ ඉදමවොච සා දෙවතා. සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. ඒ දෙවි තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ මැනවින් අනුදත් සේක. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ August 28 2024 (si) සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link:    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...   ▶️ Link:    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...   ▶️ IIT Facebook page; 🖇️ https://fb.me/e/14vbVO128 ▶ IIT YouTube channel; 🖇️ https://youtube.com/live/crJltr-i-lw ▶ IIT ZOOM account; 🖇️ https://tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨ 👥 නිල ෆේස්බුක් පිටුව 🖇️:   / instituteoft.  . 🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada 🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: https://t.me/iit_si_sl 🖥️ නිල වයිබර් නාලිකාව 🖇: https://tinyurl.com/35jz7vdv 👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: https://t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: inst.theravada@gmail.com 📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: https://t.me/IITtechnicalassistant Heenetikalma, Karuwalagaswewa, Sri Lanka. Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.