සශ්‍රික ආශිර්වාදමත් මනුෂ්‍යයා. ගීතාවලිය 1/1-6
Udeka Manori Rosa
0:00 / 0:00
සශ්‍රික ආශිර්වාදමත් මනුෂ්‍යයා. ගීතාවලිය 1/1-6
39 просмотров · 3 года назад
Udeka Manori Rosa
446 подписчиков
39 просмотров · 3 года назад
සශ්රීක ආශිර්වාදමත් මනුෂ්යයා....
දෙවියන්වහන්සේ දුෂ්ඨයා සහ ධර්මිශ්ඨයා අතරේ වෙනස උන්වහන්සේගේ වචනයේ බොහෝ තැන්වල කථා කරනවා. උන්වහන්සේ ගේ වචනයෙන් අපි දකින කාරණා තමයි උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්රිය කරනවා කියන එකත්, අධර්මිෂ්ඨයන්ට ඔවුන්ගේ අධර්මිෂ්ඨ කමෙන් මිදීලා උන්වහන්සේ වගේ ධර්මිෂ්ඨ කමට පැමිණෙන්න කියලා දේව වචනය තුළින් උන්වහන්සේ කරන්නාවූ මග පෙන්වීමත් යන මේ කාරණා.
අප හැමෝම එකවගේම ආශා වෙන දෙයක් තමයි මේ ජීවිතයේ යහපත් වූ සාරවත් කම භුක්ති විඳීම.
ඉතින් එහෙම වෙන්න නම්, ඇත්තටම ඔයා ඒවගේම මම දෙවියන්වහන්සේගේ ඇස් වලට ප්රිය වූ උන්වහන්සේගෙන් ආශිර්වාදමත් මනුෂ්යයෙක් වෙන්න ඕනේ.
දැන් ඔන්න ප්රශ්ණයක් මතු වෙනවා.... මොකක්ද?
එහෙනම් මම කොහොමද දැන් ආශිර්වාදමත් මනුෂ්යයෙක් වන්නේ ?
මේ ප්රශ්නෙට පිළිතුරු විධියට....... බයිබලය අපිට මෙහෙම කියනවා.....
ගීතාවලිය 1:1 සිට 6 දක්වා
දුෂ්ටයන්ගේ මන්ත්රණය අනුව නොයන්නාවූ,
පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ,
නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,
ස්වාමීන්ගේ ව්යවස්ථාවෙහි ප්රීතිවන්නාවූ,
උන්වහන්සේගේ ව්යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ,
මනුෂ්යයා ආශීර්වාදලද්දේය.
(හෙවත්, පිනැත්තේය.)
ඔහු
දිය ඇළවල් ළඟ හිඳුවූ,
නියම කලට ඵල දෙන,
නොමැලවෙන කොළ ඇති
ගසක් හා සමාන වන්නේය;
ඔහු කරන සියල්ල සඵලවෙයි.
නමුත් දුෂ්ටයෝ එසේ නොව,
සුළඟින් විසිර යන බොල් හා සමානය.
එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද, පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.
මෙතැන අපිට මොනවාද කියලා දෙන්නේ..... දෙවියන්වහන්සේ අපිට මෙතන කියලා දෙන දේ තමයි අපි උන්වහන්සේගේ හඬට කීකරු වෙලා උන්වහන්සේ අභිප්රා කරනා ආකාරයට ජීවත් වෙනවා නම්, අපගේ ක්රියා වල ප්රථිඵලය වන මේ සියලු ආශිර්වාදයේ ඵල අපි ලබාගන්නවා කියන එක.
එහෙනම් දැන් අපි මොකද කරන්නේ.... අපිට තියෙනවා තීරණ දෙකක්... ඔයාට මේකෙන් කැමති එකක් ගන්න පුලුවන්...
1 තමයි අපි දෙවියන්වහන්සේ කැමති ආකාරයට ජීවත් වෙලා සශ්රීක ආශිර්වාදමත් මනුෂ්යයෙක් වෙනවාද?
2 තමයි අපි දෙවියන්වහන්සේට පිටුපාලා විනාශ වෙලා යනවාද?
කියන තීරණ දෙක.
ඔන්න ඔයා තමයි දැන් තීරණය කරන්න ඕනේ මේ දෙකෙන් කොයි එකද ඔයා තෝරගන්නේ කියලා.
ජේසු පිහිටයි.