22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් කළු වර්තමානයක් නිර්මාණය කරවා.
Sajith Premadasa
0:00 / 0:00
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් කළු වර්තමානයක් නිර්මාණය කරවා.
638 просмотров · 1 день назад
Sajith Premadasa
126 тыс. подписчиков
638 просмотров · 1 день назад
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් කළු වර්තමානයක් නිර්මාණය කරවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් 1837 දී රචිත ‘අහස් සළුව ඇදගත්’ අධිරාජ්‍ය නම් කෘතියේ දැක්වෙන ආකාරයට වංචනිකයන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයන් තුළ ඔලුව ඉදිමුණු උද්දච්ච රජතුමා රැවටුණු බවත් අදෘශ්‍යමාන ඇඳුමක් ඇති බවට වංචනිකයන් දෙදෙනා රජවරයාට පෙන්නුවත් ඇත්තටම ඇඳුමක් නොමැති බවත් මේ නිසා රජතුමා රැවටුණු බවත් රජවරයා වටේ සිටි පරිවාර කොට්ඨාසය ද මේ ඇඳුම නැති බව දැක්කත් රජුට බයේ එය නොකියු බවත් අවසානයේ පෙරහැරේ යන විට ජනතාව ඉදිරිපිට නිරුවත් වූ බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හොඳයි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙනවා කිව්වත් සැබෑ නිරුවත වන්නේ මේ සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතාවගේ ආත්ම ගරුත්වය කෙළෙසන මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරන ජනතාව වහලුන් ලෙස සලකා තමන්ගේ ආධිපත්‍යයට ගැනීමක් ලෙස මෙම සංශෝධනය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධනයට අදාළ විවාදය අමතමිනි.
මෑත කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් පැමිණි බවත් 17 වැනි සංශෝධනය ආවේ විධායක බලතල අඩු කරන්න වුවත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අඩු කළ විධායක බලතල නැවත ගැනීමත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් නැවත වරක් විධායක බලතල අඩුකළ පසු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 69 ලක්ෂයේ ජනාධිපතිවරයා නැවත වරක් විධායක බලතල වැඩි කළ බවත් මේ නිසා රට බංකොලොත් වීම සිදුවූ බවත් ඉන් පසු ආව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් නැවත වරක් විධායක බලතල අඩු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
22 තුළින් ගරු විනිසුරුවන් හා අධිකරණය ගැන ඇති ජනතා විශ්වාසය පළුදු කරනවා.
දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ඛේදවාචකය වන්නේ 17,18,19,20,21 අත ඉස්සූ අය සිටින බවත් ඒ අයට ඡන්දය පවා දීම ඛේදවාචකයක් බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ගරු අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසුණු කර බලය බෙදීම විනාශ කර සංවරණ හා තුළන නැති කර දමන බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් කරන්නේ ලක්ෂ 220ක් ජනතාව සතුව ගරු විනිසුරුවන් හා අධිකරණය ගැන ඇති ගෞරවය විනාශ කර ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් හා රූකඩයක් බවට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් පෙනී සිටි රජය අද අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසනවා.
ගරු අධිකරණය සුරක්ෂිත කළ යුතුයි කියන අද ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට කළ දේ ගැන සිතන ලෙසත් එදා අගවිනිසුරුවරිය පන්නා අධිකරණයේ ස්වාධිනත්වය ගැන අද කතා කරන බවත් ඒ වගේම එදා ශිරානි බණ්ඩාරනායක මහත්මිය පැත්තේ හිටගෙන අද පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස අධිකරණ තින්දුවක් ගෙන ආ අවස්ථාවේ එම තීන්දුව දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ගෙන ආ යුතු බවට ලැජ්ජා නැති ප්‍රකාශ කළ බවත් මේ 2ම ගැන ලක්ෂ 220 සිතා බැලිය යුතු ඒ දෙකේදීම අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
22 යනු නීතියේ ආධිපත්‍ය කනත්තට ගෙන යාමක්
දැන්වත් මේ 22 වැනි සංශෝධනය ඉල්ලා අස්කර ගත යුතු බවත් මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධිනත්වට මරු පහරක් එල්ල කර යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛයටත් නීතියේ ආධිපත්‍ය කනත්තටත් ගෙන යන බවත් මේ නිසා සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ව්‍යවස්ථාමය කුමන්ත්‍රණ තුළ කටයුතු කිරීම ලැජ්ජා නැති වැඩක්
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 පිටුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ නිසා ජනතාව ජන වරමක් දුන්නත් වත්මන් රජය දැන් කරන්න ගරු විනිසුරුවන්ට බලපෑම් කිරීම බවත් මේ නිසා රජය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඝාතනය කරමින් මිලේච්ඡ ක්‍රියාදාමයක් තුළ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් තුළ කටයුතු කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නීතිය නැති තැන ඇති වන්නේ ඒකාධිපතිවාදයයි
ජෝන් ලොග් නම් දාර්ශනිකයා නීතියේ ආධිපත්‍ය ගැන කියන ආකාරයට නීතිය කෙළවරවන තැන ඒකාධිපතිවාදය ආරම්භ වන බවත් මේ ගැන මුලින්ම 2026 ජුනි 11 වැනි දා මේ ගැන අධිකරණ ඇමතිවරයාගෙන ප්‍රශ්න කරන විට එවැනි දෙයක් නොමැති බව පැවසුවත් ජුනි 23 වැනිදා මේ ගැන අනාවරණය කළ බවත් හරිනි අමරසේකර අගමැතිනිය කළු අතීතයක් ගැන කතා කළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වන බවත් විපක්ෂයේ සිටි මන්ත්‍රීවරියක් ලෙස අගමැතිනිය ජී. ඇල්. පීරිස් හිටපු මන්ත්‍රීවරයා ගැන හා කළ කි දේ ගැන කිව්වත් ඒ ආණ්ඩුවේ සාමාජිකයන් ලෙස සමගි ජන බලවේගය නොසිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය දන්නේ බොරු කිය කියා ජනතාව රවටන්න විතරයි
මේ වැඩපිළිවෙළ ගැන කිසිසේත්ම නිවැරදි අධ්‍යයනක් කළ නොමැති බවත් 2023 ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යයනය තුළ හෝ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ මතුව ඇති ගැටලුවලට විසදුමක් ලෙස සදහන් නොමැති බවත් තමා අධිකරණ තීන්දු විවේචනයට ලක් කරන්න කටයුතු නොකළත් තම අනාගතය ගැන තීන්දු තීරණ ගන්නා විට සම්පූර්ණ විනිසුරු මණ්ඩලයක් භාවිත කිරීම සේම නීති මඩුල්ලේ සංයුතිය තීරණය කිරීමේ දී ජ්‍යෙෂ්ඨත්වය අනුව තීන්දු තීරණ ගත යුතු බවත් ඊට අමතරව සෑම පාර්ශ්වයකටම සවන් දිය යුතු වුවත් පාර්ශ්ව රැසකට සවන් නොදුන් බවට චෝදනාවක් ද ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.