කතරගම මහාසේන දේව ශාන්තිය | KATHARAGAMA MAHASENA DEVA SHANTHI Official | Devotional Healing Chant
Noble Agri Core
0:00 / 0:00
කතරගම මහාසේන දේව ශාන්තිය | KATHARAGAMA MAHASENA DEVA SHANTHI Official | Devotional Healing Chant
6 226 просмотров · 2 недели назад
Noble Agri Core
695 подписчиков
6 226 просмотров · 2 недели назад
Lyrics: R. MALAWI PATHIRANA (Sr. Lecturer; University of Ruhuna)
Melody: AI Generated Through Noble Agri Core Guidance by RSS.
Vocals: AI Generated Voice Through Producer (RSS) Track.
Production: Noble Agri Core Production.
-- Lyrics --
රන්සළුව ගතදරා
කිරිගරුඬ පැහැ අරා
රන්මාල ගෙළ දරා
දෙව්ලොවෙහි සැරිසරා
වීරවිකුමන් තෙදින්
අසුර බල බිඳලමින්
බෝධිසත් ගුණ බලෙන්
සුඛිත කරවති දනන්
සැඩ අසුරා මැඩ ලමිනා
තිදස පුරා වැඩ වෙසෙනා
ගුවන අරා බල පතුරා
රුදු සතුරා බිඳ හෙලනා
රණමයුරා වෙස රැගෙනා
සපිරිවරා මහසෙනගා
සැඩ සයුරා එතෙර වෙනා
හෙළය පුරා වැජඹෙමිනා
කැබලිත්තට කතරගමට
කොටබෝවේ මහ මැදුරට
දිවැස් හෙළා කිරිවෙහෙරට
මෙතින් බලා මෙසිරිලකට
අපෙ මුනිඳුන් වැඩිය දිනේ
පන්සියයක් මුනිවරුනේ
දැහැන් ගතව සිටිය තැනේ
කිරිවෙහෙරයි ඉදිකෙරුණේ
දා ගැබ රැකවල් හෙලුවේ
මහඝෝෂයි සිට පොරණේ
අටඵල බෝ බබළමිනේ
දෙව්බඹුන්ගෙ පුද ලැබුවේ
මහසෙන් දෙවි රජදරුවෝ
දැහැමි සිතින් පින් ලැබුවෝ
බෝසත් ගුණ බිහි කෙරුවෝ
වෙහෙරට දන් පැන් පිදුවෝ
කැත් කුලයෙන් ඔටුණු දරා
පර සතුරන් දෙරණ හෙළා
දස විධ රිවි බල පතුරා
දෙවිඳු පෙනේ හෙළය පුරා
දැහැන් සිතින් කුසල බලෙන්
කැබිලිත්තේ වැඩහිඳිමින්
දැහැන් වඩති සමාධියෙන්
දෙව්බල ලැබ සසර පිනෙන්
රත්වූ ගිනි අඟුරු මැදින්
ගිනිසිසිලට දෙවිඳු වඩිති
මැණික් ගඟේ නිමල දියෙන්
දියකැපුමට දෙවිඳු වඩිති
වල්ලි මවුන් වැජඹෙන තැන
ඈ දැකුමට දෙවිඳු වඩිති
සීනු හඬින් දෙවොල අරා
තෙදපාමින් දෙවිඳු වඩිති
ඔද තෙද තද තෙද බල ඇති
කඳදෙව් රද සාමිනේ
අද විඳ විඳ සැඩ ඝොර දුක
ඔබළග දණ නමමිනේ
වැඳ වැඳ හිඳ වැටි වැටි බිම
අත් බැඳ වැඳ යදිමිනේ
රුපුනොද බිඳ සිඳ බිඳ දුක
රැක දෙනු අප දෙවිඳුනේ
එවන් ඔබ නමට මේ ගී උපහාරයක් වේවා…!
අවසරයි…!!!
සම්බුද්ධරාජ වර්ෂප්‍රමාණයෙන් දෙදහස් පන්සිය සැත්තැවට හෙවත් ශකවර්-ෂ එක්වාදහස් සත් සතළිසට පැමිණි නිකිණි මස පුර පෑළවිය නම් තිථිය ලත් ගුරු දින දී යැ.
May this song be a tribute to your holy name…!
With humble permission...!!!
© Copyright 2026 Noble Agri Core. All Rights Reserved.
This is an original song written, composed, and performed by us.
Any unauthorized copying, re-uploading, re-distribution, or use of this content (audio or video) on YouTube or any other platform is strictly prohibited.
This content is protected under international copyright law.
Unauthorized use will result in a copyright claim or takedown.