උපාලි ගෘහපති බුද්ධ වන්දනව
නිවන් මඟ - Niwan Maga
0:00 / 0:00
උපාලි ගෘහපති බුද්ධ වන්දනව
58 670 просмотров · 3 г. назад
නිවන් මඟ - Niwan Maga
23,2 тыс. подписчиков
58 670 просмотров · 3 г. назад
🌺 කෝටි ලක්ෂයක් සක්වලට බුදු ගුණ පැතිර වු උපාලි ගෘහපතිගේ බුද්ධ වන්දනාව 🌺
උපාලි ගෘහපතිතුමා නිගණ්‌ඨ නාථ පුත්තයන්ගේ ශ්‍රාවකයෙකි. එසේම ප්‍රධාන දායකයා ද විය. හෙතෙමේ දිනක් නාථපුත්තයන්ගේ අනුමැතියෙන් බුදුරජුන් හා කර්මය පිළිබඳ වාදයකට ගියේය. බොහෝ වේලාවක් වාද කළේය. අවසන උපාලි ගෘහපති වාදයෙන් පරාජයට පත්විය.
බුදුන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදීමට පත්වූ උපාලි ගෘහපතිතුමා බුද්ධ - ධම්ම - සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය.
අනතුරුව බුදුන් වහන්සේ උපාලි ගෘහපතියාට දාන කතා, සීලකතාදී අනුපිළිවෙල කතාව වදාරා චතුරාර්ය සත්‍යය පිළිබඳ ධර්මය දේශනා කළහ. උපාලි ගෘහපති එම දේශනාව අසා සෝවාන් ඵලයට පත්විය.
ඉන්පසු බුදුන් වැඳ අවසර ගෙන සිය නිවෙසට ගිය උපාලි ගෘහපති දොරටුපාලයා අමතා "අද පටන් මාගේ නිවෙසට නිගණ්‌ඨයන්ට ඇතුළුවීමට අවසර නොදෙව. යමක් අවශ්‍ය වී නම් , පිටත සිට දෙව. අද පටන් මාගේ නිවස බුදුරජාණන් වහන්සේටත්, භික්‌ෂු, භික්‌ෂුනී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට පමණක් දන්දෙනු ඇත. මා තුණුරුවන් සරණගිය බව මෙහි එන නිගණ්‌ඨයන්ට දන්වන්න යෑයිද නියම කළේය.
උපාලි ගෘහපති බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකයකු වූ බව දැනගත් දීඝතපස්‌සී නිගණ්‌ඨ නාථපුත්තයන් කරා ගොස් ඒ බව දන්වා සිටියේය. එය විශ්වාස නොකළ නිගණ්‌ඨනාථ පුත්ත තෙමේ තමාම ගොස් විමසා දැන ගන්නෙමැයි කියා උපාලි ගෘහපතිතුමාගේ නිවසට ගියේය.
දොරටුපාලයා එන්නාවූ නිගන්ඨනාථපුත්තයන් ඈත දීම දැක "ස්‌වාමීනි, නැවතිනු මැනවි. අද පටන් උපාලි සිටුතුමා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු බවට පැමිණියේය. නිගණ්‌ඨයන්ට මෙහි දොරවල් වසන ලදී. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණක් අද සිට දන්දෙනු ඇත. මෙසේ පැවැසූ දොරටුපාලයා උපාලි ගෘහපතිතුමන් හමුවට ගොස් නිගණ්‌ඨනාථපුත්තයන් පැමිණි බව දන්වා සිටියේය. "කැමැති නම් මැද ශාලාවට පැමිණ අසුන් ගන්නා ලෙස දන්වැයි උපාලි ගෘහපතිතුමා කීය. දොරටුපාලයා ඒ බව නිගණ්‌ඨනාථපුත්තයන්ට දැන්වූ කල්හි හෙතෙම තම පිරිස සමඟ මැද ශාලාවට පැමිණ එහි ප්‍රධාන ආසනයෙහි වාඩිවී සිටි උපාලි ගෘහපති දුටුවේය. එවිට උපාලි ගෘහපති තෙමේ "ස්‌වාමීනි, කැමැති නම් ආසනවල හිඳගන්නැ"යි පැවැසීය.
එවිට නිගන්ඨනාථපුත්ත තෙමේ ගෘහපතිය, ඔබ උමතු වූයෙහිද? නැතිනම් දීනයකුවීද? ශ්‍රමණ භවත් ගෞතමයන් හා වාද කර, ඔහු පරදවන්නෙමි" යි වහසි බස් කියා ගොස් කප්පාදුකර ගත් අණ්‌ඩය ඇත්තකු මෙන්, උදුරාගත් ඇස් ඇත්තකු මෙන් ඔහුගේ වාදයෙන් බැඳී ආයෙහිද? ඔහුගේ ආවර්තනී මායාවට අසුවූයේ නොවේදැයි ඇසීය.
එවිට උපාලි ගෘහපතිතෙම ස්‌වාමීනි. ඒ ආවර්තතී මායාව යහපත්ය. එයින් මටත් මගේ ඥාතීන්ටත්ත් මහත්වූ සෙතක් හා යහපතක් වන්නේය. එපමණක් නොව ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සියලු දෙනාටත්, දෙව් මිනිසුන් සහිත සකල ප්‍රජාවටත් බොහෝ කාලයක් හිතසුව පිණිසම පවත්නේය.
මෙබස් ඇසූ නිගණ්‌ඨනාථපුත්ත උපාලි ගෘහපති අමතා, ගෘහපතිය, මෙතෙක් දවස් ලෝකයා දැන සිටියේ උපාලි ගෘහපති නිගණ්‌ඨනාථපුත්තගේ ශ්‍රාවකයකු හැටියටයි. දැන් ඔබ කවරකුගේ ශ්‍රාවකයෙක්‌දැයි ඇසීය.
මෙබස් ඇසූ උපාලි ගෘහපති, හුනස්‌නෙන් නැගී උතුරු සළුව එකස්‌කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිසාවට දොහොත් මුදුන් දී වැඳගෙන බුදු ගුණ සියයක් ගාථා 10කින් දෙසන ලදී.
උපාලි ගෘහපතියන්ගේ බුදුගුණ වැනුම සාවධානව අසා සිටි නිඝණ්‌ඨනාථ පුත්ත තෙමේ ගෘහපතිය, මේ සියලු වර්ණනා ඔබ කෙසේ ප්‍රබන්ද කෙළෙහිදැයි ඇසීය.
එවිට උපාලි ගෘහපති තෙමේ, ස්‌වාමීනි, දක්‌ෂ මාලාකාරයෙක් විසිතුරු මල් දමක් ගොතන්නා සේ මමද බුදුගුණ එක්‌කොට වර්ණනා කෙළෙමියි කීය. ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ ඇත්තාහ. කවරෙක් ගුණවතාගේ ගුණ වර්ණනා නොකරද්දැයි උපාලි ගෘහපති පැවසූ කල්හි බුදුගුණ අසනු නොකැමති නිගණ්‌ඨනාථපුත්ත ගේ මුවෙන් උණු ලේ පිටවිය.
අපිරිමිත බුදු ගුණ කඳින් වශීවූ උපාලි ගෘහපති තම ස්‌වකීය අචල ප්‍රසාදය හා බුද්ධ ගෞරවය මෙම ස්‌තුති ගිතිකාවෙන් වටහා ගත හැකිය. මෙවන් උදාර බුදුගුණ වැණුමක් සූත්‍රපිටක දැකිය නොහැකි තර ම්ය. ගාථා දසයකින් පරිමිත මෙම ස්‌තුති ගීතිකාව බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය මූර්තිමත් කොට දැක්‌වීම සඳහා ගුණ විශේෂණ සියයක් යොදා ගෙන ඇත. හැම ගාථාවක් අවසානයේදී උපාලි ගෘහපතිතුමා ප්‍රකාශ කරන්නේ "මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි" යනුවෙනි.
තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් උපාලි ගෘහපතිතුමා නිගණ්‌ඨනාථපුත්තයන් ඉදිරියෙහි ප්‍රකාශ කරන ලද මෙම බුද්ධ ගුණ ශතකය උද්ග්‍රහණ ධාරණය කිරීමෙන් මහත්වූ බුද්ධ ගුණානුස්‌මරණ පූර්වංගම බුද්ධාලම්භන ප්‍රීතිය ඔබතුළ ද උපදවා ගත හැකිය.
සියලු දෙනා අප භාගවතුන් වහන්සේ කෙරෙහි මහත් වු ශ්‍රද්ධාවෙන් යුතුව මෙය ශ්‍රවනය කරත්වා...!!
( මෙම අපිරිමිත බුදු ගුණයන්ගේ අර්තයන් පහසුව සඳහා ඉතාම කෙටියෙන් දක්වා ඇත එම අර්තයන් වචන වලින් සීමා කිරීමට නොහැක )
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏 #budubana #bududahama #darmadeshana