Перейти к содержимому

Sinhala Copy 75 - Sara goiya hari miniha සරා ගොයිය හරි මිනිහා - සමිතා මුදුන්කොටුව

Mahinkande Upali Gunasekara

0:00 / 0:00

Sinhala Copy 75 - Sara goiya hari miniha සරා ගොයිය හරි මිනිහා - සමිතා මුදුන්කොටුව

39 961 просмотр · 8 мес. назад
Mahinkande Upali Gunasekara
7,22 тыс. подписчиков
39 961 просмотр · 8 мес. назад
සරා ගොයිය හරි මිනිහා - සමිතා මුදුන්කොටුව- අද, ශ්‍රී චාර් සෝ බීස් (ර්‍ශ්‍රී 420) චිත්‍රපටියේ ගීයක අනුකරණ. මේ ගීතය කොයිතරම් ජනප්‍රියද කියනවනම් සිංහල ගීත තුනක්ම් ප්‍රබන්ධ වුනා. (1) 1956 දෛව විපාකය චිත්‍රපටයේ, ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ සංගීතයට, මේබල් බ්ලයිත් ගයන ඒ ජේ ද සොයිසා ගේ ගීත ප්‍රබන්ධයක් වන, “සරා ගොයියා හරි මිනිහා” (2) 1956 දීම තිරගත වුනු දුප්පතාගේ දුක චිත්‍රපටියේ එස් දක්ෂිණමූර්ති ගේ සංගීතයට මොහිදීන් බෙග් සමග ජී එස් බී රාණි පෙරේරා ගැයූ, හියුගෝ ප්‍රනාන්දු ගේ ගී පබැදුමක් වන “ලොවේ දෙයියෝ සල්ලි තමා” සහ (3) 1957 සිරකරුවා චිත්‍රපටියේ, ටී ආර් ලතීෆ් ගේ සංගීතයට සිසිර සේනාරත්න ගැයූ සිරිසේන විමලවීරයන් ගේ ගීත ප්‍රබන්ධයක් වන “ටිකිරි ලියා”. ගීත තුනටම මුල් වුනේ ශ්‍රී 420 චිත්‍රපටියේ රාජ් කපුර්ගේ රංගනයකට ප්‍රබෝධ් චන්ද්‍ර දේ (මන්නා දේ) ගැයූ අතිශයින්ම ජනප්‍රිය, “දිල් කා හල් සුනේ දිල්වාලා - හදවත කියන දේට සවන් දෙන්න)” ගීතයයි. සංගීතය ෂන්කර් ජායිකිෂන්, ගී පද ශෛලේන්ද්‍ර. විවිධ ගී ප්‍රිය කරන රසිකයන් වෙත තිළිණයක්. පැරණි සිංහල ගීතවලට මුල් වූ විදේශීය ගීත සහ ඒ සමානව ගැයෙන වෙනත් ගී රස විදීීීමට ඔබ කැමති නම් ඔබ පැමිණ ඇත්තේ හරි තැනටයි. මගේ චැනලයට Subscribe කරන්නැයි මම ඔබෙන් නොඉල්ලමි. එහෙත් එසේ කළහොත් තව තවත් මෙවැනි ගී වලට සවන් දීමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත. සීනුවට ක්ලික් කලොත් ඔබට මගේ ඉදිරි පළකිරීම් ගැන දැනුම්දීමක් ලැබෙනු ඇති. ස්තුතියි! - I do not bother you with requests to SUBSCRIBE to my channel. But if enjoyed these songs, you will get the benefit of receiving more and more songs like these. If you clicked on the BELL icon, you would get notifications when new songs are uploaded.