Перейти к содержимому

පිංවත් ඔබටත් විඥ්ඥාණ මායාවෙන් මිදෙන්න පුලුවන් බව දන්නවාද ? ☸️👌❤️

ven Higurakgoda pragna maithreenanda thero.

0:00 / 0:00

පිංවත් ඔබටත් විඥ්ඥාණ මායාවෙන් මිදෙන්න පුලුවන් බව දන්නවාද ? ☸️👌❤️

199 просмотров · 4 дн. назад
ven Higurakgoda pragna maithreenanda thero.
188 подписчиков
199 просмотров · 4 дн. назад
සතර සතිපට්ඨානය: නිවනට ඇති එකම සෘජු මාවත 🧘‍♂️ අපි හැමොම හිතාගෙන ඉන්නේ අපි මේ කරන කියන දේවල්,( ඇහෙන , පෙන්නන , දැනෙන , හිතෙන, ) හැමදේම හරිම ස්ථිරයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතර සතිපට්ඨානය කියන්නේ මමත්වය උපදින තැන තමා තුලින් අවබෝධ කරගෙන ඇහැරෙන්න තියෙන විද්‍යාත්මකම සහ ප්‍රායෝගිකම ඒකම මගයි. සතිපට්ඨානය කියන්නේ සතර අකාරයට මමත්වය උපදින තැනට සතර ඉරියව්වෙන්ම සිහිය පිහිටුවා ගැනීමයි. අපි ගොඩක් වෙලාවට ඉන්නේ අතීතයේ වුණු වැරදි ගැන හිතමින් පසුතැවෙමින්, එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන බයෙන් සැලසුම් හදමින්. හැබැයි මේ වර්තමාන මොහොතේ, මේ තත්පරයේ ඇත්තටම මොකද වෙන්නේ කියලා අපි දකින්නේ නැහැ. සතිපට්ඨානයෙන් කරන්නේ අපේ සිහිය මේ මොහොතේ වර්තමානයේ රඳවාගෙන, අපේම ශරීරය සහ හිත දිහා කිසිම ඇලීමක් හෝ ගැටීමක් නැතුව හතර අකාරයට මධ්‍යස්ථව බලන්න පුරුදු කරන එකයි. මේක කොටස් හතරකට බෙදලා තිබුණට, මේ හතරම එකිනෙකට බැඳුණු මහා ගැඹුරු ක්‍රියාවලියක්. මුලින්ම අපිට හමුවෙන්නේ කායානුපස්සනාවයි. මේකෙදි කරන්නේ අපේ මේ ශරීරය දිහා විමසිල්ලෙන් බලන එකයි. සිතුවිල්ලට කය වෙනස්වෙන එක කයේ ක්‍රියාවලියක් විදියට සිහියෙන් දකින එක. මමත්වය උපදින තැන දකින එක. ඔයා හිතන්නකො සර්පයො ඉන්න කැලැවක තනියම ඇවිදිනවා කියලා. එයා කැලැවේ ඇවිදින ගමන් කැලැව හා හැම ශබ්දයක් ගැනම, අවධානයෙන් ඉන්නවා වගේ, අපිත් අපේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි ගන්න හුස්ම රැල්ල ඇතුළට යනකොට ඒක ඇතුළට යනවා කියලා දැනගන්න එකත්, පිටතට එනකොට ඒක පිටතට එනවා කියලා දැනගන්න එකත් කායානුපස්සනාවේ ආරම්භයයි. ඒ වගේම අපි ඇවිදින කොට, ඉඳගන්න කොට, වැඩ කරන කොට මේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් දිහා බලන්න පුළුවන් නම්, අපිට තේරෙනවා මේ ශරීරය කියන්නේ මම කියලා අල්ලගන්න පුළුවන් ස්ථිර දෙයක් නෙවෙයි කියලා. මේක හරියට රූකඩයක් වගේ. හේතු (හුස්ම, කෑම, ජලය) තියෙනකම් මේ රූකඩය නටනවා. හේතු නැති වුණු ගමන් මේක පස් ගොඩක් විතරයි. මේ ඇත්ත දකින කොට ශරීරය ගැන තියෙන අසීමිත ඇලීම හෙමින් හෙමින් අඩුවෙලා යනවා. දෙවනුව අපිට හමුවෙන්නේ වේදනානුපස්සනාවයි. මෙතැනදී වේදනාව කියන්නේ රිදීම විතරක් නෙවෙයි, අපිට දැනෙන හැම හැඟීමක්මයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ අන්ත දෙකක දොලනයක්. සැපක් දැනුණම ඒක පස්සේ දුවන එකයි, දුකක් දැනුණම ඒකෙන් බේරෙන්න දුවන එකයි. හැබැයි වේදනානුපස්සනාවේදී කරන්නේ ඒ දැනෙන සැප, දුක, හා අදුක්කම සුක ඉපදෙන දිහා පිටතින් බලන කෙනෙක් වගේ බලන එකයි. හැබැයි වේදනානුපස්සනාව කරන කෙනා කරන්නේ "දුක් වේදනාවක් හට ගැනිම තුලින් මමත්වය උපදින සොබාවය දිහා" ඒක දිහා උපේක්ෂාවෙන් බලන එකයි. එතකොට අපිට පේනවා ඒ වේදනාවත් ක්ෂණයකින් ඉපදිලා ක්ෂණයකින් නැතිවෙලා යන හැටි. මේක හරියට අහසේ යන වලාකුළු වගේ. වලාකුළු එනවා, යනවා. අහස ඒවට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ හැඟීම් වලට වහල් නොවී ඒවා දිහා බලන්න පුළුවන් කෙනා තමයි ලෝකයේ ඉන්න නිදහස්ම මනුස්සයා. තුන්වෙනි පියවර තමයි චිත්තානුපස්සනාව. මේකෙදි කරන්නේ හිත ඇතුළේ මැවෙන සිතුවිලි වල ස්වභාවය අඳුනාගන්න එකයි. එක වෙලාවක කේන්තිය, තවත් වෙලාවක ආශාව, තවත් වෙලාවක ඊර්ෂ්‍යාව හිතට එනවා. චිත්තානුපස්සනාව කරන කෙනා කරන්නේ හිතේ රාගයක් තියෙනවා නම් "දැන් හිතේ රාගයක් තියෙනවා" කියලා දැනගන්න එකයි. කේන්තියක් ආවම "දැන් හිතේ කේන්තියක් තියෙනවා" කියලා සිහියෙන් ඉන්න එකයි. අපි කේන්ති ගියාම "මට කේන්ති ගියා" කියලා ඒක ඇතුළේ ගිලෙන්නේ නැතුව, කෙන්තිය හටගැනිමත් මම ඉපදිමත් එකම ක්‍රියාවලියක් බව දැකිම "හිතේ කේන්තියක් හට ගැනිම" ඒක දිහා බලන කොට ඒ කේන්තියට තවදුරටත් අපිව පාලනය කරන්න බැහැ. මේක හරියට හොරෙක්ව අඳුනාගත්තම ඒ හොරාට තවදුරටත් හොරකම් කරන්න බැරි වෙනවා වගේ වැඩක්. සිහිය කියන එළිය වැටෙන කොට අකුසල සිතුවිලි ඉබේම අඳුරේ දියවෙලා යනවා. අපට හමුවෙන අවසාන පියවර තමයි ධම්මානුපස්සනාව. මෙතැනදී කරන්නේ අපේ හිතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් දිහා ගැඹුරින් බලන එකයි. ලෝකයේ හැමදේම හේතු-ඵල දහමකට අනුව සිද්ධ වෙන හැටිත්, මේ කිසිම දෙයක් තුල මම, මගේ කියලා අල්ලගන්න බැරි ශුන්‍ය දේවල් බවත් මෙතැනදී ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. හිතේ ඇතිවන නීවරණ හෙවත් හිත වහලා දාන කෙලෙස් හඳුනාගන්නවා. පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන හැටි දකිනවා. මේක හරියට චිත්‍රපටයක් බලනවා වගේ වැඩක්. තිරය මත රූප මැවෙනවා, හැඟීම් ඇති වෙනවා, හැබැයි අපි දන්නවා ඒක තනිකරම ආලෝකය සහ සෙවනැලි වල සෙල්ලමක් විතරයි කියලා. අන්න ඒ වගේ මේ මැවෙන සලායතන ලෝකය දිහා බලන්න පුළුවන් නම්, ඒ කෙනාට කිසිම දේකින් දුකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ උතුම් සතර සතිපට්ඨාන දහම ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න. ඔයා උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් රෑ නිදාගන්නකම් කරන හැම වැඩකදීම සතර අකාරයට සිහියෙන් ඉන්න පුරුදු වෙන්න. උදාහරණයකට, ඔයා වතුර වීදුරුවක් බොන කොට ඒ වතුරේ සීතල දැනෙන හැටි, උගුරෙන් පහළට යන හැටි විමසිල්ලෙන් බලන්න.කවුරු හරි බනින කොට හිතේ ඇතිවන ඒ ගැටෙන ස්වභාවය දිහා "හිතේ තරහක් ඇති වුණ විදිය මමත්වය උපදින විදිය" නිරීක්ෂණය කරන්න. මේක තමයි ප්‍රායෝගික භාවනාව. ඉතින්, මෙහෙම සිහිය පුරුදු කරන කොට හිතේ තියෙන ආතතිය, පීඩනය සහ අනවශ්‍ය බය ඉබේම නැති වෙලා යනවා. අපිට ඕනෑම ප්‍රශ්නයකදී කලබල වෙන්නේ නැතුව හරිම සන්සුන්ව තීරණ ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් මේ සතිපට්ඨානය තුළින් අපිට ලැබෙන ලොකුම දේ තමයි සැබෑම සන්තෝෂය. ඒ සන්තෝෂය එළියේ තියෙන දේවල් වලින් ලැබෙන එකක් නෙවෙයි, ත අවබෝධ කරගැනීමෙන් ලැබෙන නිදහසක්. ලෝකය අපිට ඕන විදිහට පාලනය කරන්න බැරි බවත් සලායතන වලට මැවෙන ලොකයක් බවත්, (හිත තුලින් මැවෙන ලෝකය දකින විදිහ පාලනය කරන්න අපිට පුළුවන්. ) ඒ නිදහස අත්විඳින කෙනා තමයි මේ සතර සතිපට්ඨාන මාවතේ යන නියම ජයග්‍රාහකයා වෙන්නේ. ඉතින්, අද ඉඳන් මේ සිහිය කියන මහා පහන ඔයාගේ හිත ඇතුළේ දල්වා ගන්න. ඒක තමයි ඔයා ඔයාටම කරගන්න ලොකුම යහපත. පුජ්‍ය හිගුරක්ගොඩ ප්‍රඥා මෛත්‍රීනන්ද හිම් . භව නිරෝධාරාමය , යුදගනාව , හිගුරක්ගොඩ . 0740865052 ඔබ සැමට උතුම් ධර්මාවබෝධයම ලැබෙවා තෙරුවන් සරණයි , යාහපතක්ම වේවා .