ආදරය නිසා නළඟනන් පසුපස ගිය සිටුපුත්රයාට සිදු වූ දේ | උග්ගසේන වස්තුව - AI විශ්ලේෂණයක්
rasakalasa lk
0:00 / 0:00
ආදරය නිසා නළඟනන් පසුපස ගිය සිටුපුත්රයාට සිදු වූ දේ | උග්ගසේන වස්තුව - AI විශ්ලේෂණයක්
205 просмотров · 5 дней назад
rasakalasa lk
333 подписчика
205 просмотров · 5 дней назад
උග්ගසේන සිටුපුත්රයාගේ කතා පුවත සහ පූර්ව කර්ම විපාකය
දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලියේ එන 256 වන කතා පුවත වන "උග්ගසේන නම් සිටුපුත්රයාගේ වස්තුව" ඇසුරින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇත
.
කතාවේ සංක්ෂිප්තය: රජගහනුවර සිටුපුත්රයෙකුව සිටි උග්ගසේන, සරකැඩි ශිල්ප දැක්වීමට පැමිණි නළඟනකගේ රූපයට ආශා වී ඇය හා විවාහ වේ
. පසුව ඇයගේ නටන කණ්ඩායම සමඟ එකතු වී සරකැඩි ශිල්ප හදාරන ඔහු, රජගහනුවරදී සැට (60) රියන් හුණදණ්ඩක් (රිටක්) මුදුනට නැගී අහසේ ශිල්ප දක්වයි
.
එම අවස්ථාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළ අතර, උග්ගසේනගේ පෙර පින් දැක උන්වහන්සේ පස් කඳෙහි ඇති ආලය හැරීම පිළිබඳව දේශනා කළ සේක
. එම දේශනාව අසා උග්ගසේන සිටුපුත්රයා රිට මුදුනේදීම අභිඥා සහිතව අර්හත් භාවයට පත් විය
.
මෙම කතා පුවතින් අපට ලබාදෙන ප්රධාන සදාචාරාත්මක පණිවිඩය වන්නේ "අන් අයට හෙළා පිරිහෙළා කතා කිරීමෙන් දුරු විය යුතු" බවයි
. කාශ්යප බුදුරජාණන් වහන්සේගේ සමයේ රහතන් වහන්සේනමකට නළඟනක යැයි විහිළු කිරීම නිසා උග්ගසේනට මෙම ආත්මයේදී නළඟනන් සමඟ යාමට සිදු වූ ආකාරයත්, එහි පූර්ව කර්ම විපාකයත් මෙහිදී විශ්ලේෂණය කෙරේ
.