Перейти к содержимому

Wathurawila aranya senasanaya|වතුරවිල ආරන්‍යය සේනාසනය#travel#vlog

Hela Waruna

0:00 / 0:00

Wathurawila aranya senasanaya|වතුරවිල ආරන්‍යය සේනාසනය#travel#vlog

2 405 просмотров · 2 года назад
Hela Waruna
131 подписчик
2 405 просмотров · 2 года назад
1953 වර්ෂයේ දී බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහනායක හිමිපාණන් විසින් ආරම්භ කරන ලද වතුරවිල ආරණ්‍ය සේනාසනය ගාල්ල දිස්ත්‍රික්කයේ කහදූව, වතුරවිල ගුලන කන්ද ආශ්‍රිතව පිහිටා ඇත. ඇල්පිටිය කහදූව මාර්ගයේ හෝ පිටිගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක් දුර ගෙවා අක්කර 80ක පමණ භූමිභාගයකට හිමිකම් කියන මේ පිංබිමට පැමිණිය හැකිය. මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ගල් කැටයම් අධිපති විශ්වකීර්ති දේශමාන්‍ය H. C. L. වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ලාංකීය නිර්මාණකරුවන් පිරිස කයෝත්සර්ග අභය මුද්‍රාවෙන් යුත් අඩි 42ක් උස ශෛලමය බුද්ධ ප්‍රතිමාව හා පසුබිම් නිර්මාණ වන මල් අසුන, පියගෙට පෙළ හා කොරවක්ගල් යන සියල්ල ගලින් ම මනාකොට නිර්මාණය කර ඇත. වසර 08ක පමණ මෙම නිර්මාණ වෑයම සඳහා කෝටි 05ක ධනස්කන්දයක් වැය වී තිබේ. මදුනාගල, කළුගල වැනි තවත් වනවාසී ආරණ්‍ය සේනාසන 200කට මූලස්ථානය වන වතුරවිල ආරණ්‍ය සේනාසනය තුළ මහනුවර දළදා මාළිගයේ ආකෘතිය අනුව සකස් කළ ධාතු මන්දිරයක් ද පවතී. පරිසරය හා මනාකොට බද්ධව හෙළ බොදු නිර්මාණ කෞශල්‍යය විදහාපාන වතුරවිල ආරණ්‍ය සේනාසනය හිත ගත නිවන සොඳුරු ඉසව්වක් වේ. ✍️උපුටා ගැනීමකි