"හෙළ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් කළ ලංකාවේ දුර්ලභම ප්‍රදර්ශනය | Old Sinhala Cinema
Thimira TV
0:00 / 0:00
"හෙළ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් කළ ලංකාවේ දුර්ලභම ප්‍රදර්ශනය | Old Sinhala Cinema
5 280 просмотров · 2 недели назад
Thimira TV
1,36 тыс. подписчиков
5 280 просмотров · 2 недели назад
විශේෂ ස්තූතිය සහ අයිතිය පිළිබඳ සටහන:
මෙම වීඩියෝවෙහි භාවිතා කර ඇති සියලුම ඡායාරූප සහ චිත්‍රපට දර්ශනවල පූර්ණ අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් සහ නිර්මාණකරුවන් සතු වේ. අප මෙම නිර්මාණ භාවිත කර ඇත්තේ තොරතුරු වාර්තා කිරීමේ සහ දැනුවත් කිරීමේ අරමුණින් පමණක් වන අතර, එම මුල් හිමිකරුවන්ට අපගේ විශේෂ ස්තූතිය ගෞරවයෙන් යුතුව පුද කර සිටිමු. All photos and film clips used in this video belong to their respective original owners. Special thanks to the original creators. හෙළ සිනමාවේ සක්විති නමින් හඳුන්වන දිවංගත ප්‍රවීණ රංගදරයකුවන ගාමිණි ෆොන්සේකා මහතා රංගන දායකත්වය දැරූ චිත්‍රපට සහ ඔහුගේ චිත්‍රපටි දිවියේ විවිධ අවස්ථා නිරූපණය වන ඉතා දුර්ලභ ගණයේ ඡායාරූප, සිතුවම් හා ගීත තැටි ඇතුළත් ප්‍රදර්ශනයක් ගිරිඋල්ල නගර ශාලාවේදී පසුගියදා පවත්වනු ලැබුවා. තම පියා ඇතුළු ඥාතීන් එකොළොස් දෙනෙකු සිනමා ඔපරේටර්වරැන් ලෙස එවකට සේවයේ නියලී සිටි පවුලකින් පැමිණි සිනමා ඔපරේටර්වරයකු ලෙසත් පසුකාලීනව චිත්‍රපට සහ කැමරා උපකරණ ඇතුළු ඡායාරූප සිනමා පුවත්පත් සංරක්ෂකයෙකු ලෙසත් වසර 40 ක පමණ කාලයක සිට චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ඳව සිටින ගිරිඋල්ල,බෝපිටිය පලාගල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ජේ.ආර්.රංජිත් මහතාගේ මූලිකත්වයෙන් පවුලේ ඥාතීන් හිතමිතුරන් ඇතුළු පිරිස විසින් මෙය සංවිධානය කර තිබුණා.
මේ සඳහා චිත්‍රපට ඡායාරූප 782 ක් සහ පැරණි රෙකෝඩර් , ගීත සිනමා සඟරා ,පුවත්පත් ඇතුළු ගාමිණී ෆොන්සේකා මහතා පරිහරණය කල උපකරණ කිහිපයක්ද ප්‍රදර්ශනය කර තිබුණා.
මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැරණි සිනමා රසිකයින් මෙන්ම තරුණ පිරිස්ද සහභාගිවී සිටීම විශේෂත්වයකි. මෙහිදී ප්‍රදර්ශනයත් සමඟ ගාමිණි ෆොන්සේකා මහතා රංගන දායකත්වය දැරූ පැරණි චිත්‍රපට කිහිපයක්ම පැමිණ සිටි පිරිසට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සලසා තිබීමෙන් පැමිණි සිටි කාටත් ඉමහත් සතුටක් ගෙන එන්නක් විය.