ඉගුරු වගාවක ආදායම ලක්ෂ 60. 😱/ ස්වයං රැකියා / ginger plant / agriculcher / plants
Dilon Agri
0:00 / 0:00
ඉගුරු වගාවක ආදායම ලක්ෂ 60. 😱/ ස්වයං රැකියා / ginger plant / agriculcher / plants
214 729 просмотров · 9 месяцев назад
Dilon Agri
18,7 тыс. подписчиков
214 729 просмотров · 9 месяцев назад
ඉගුරු වගාව / ginger plant / dilon agri
පසට ඩොලමයිට් යෙදිය යුතු ඇයි?
ඔයාල දන්නවනේ පසක පවතින pH අගය මගින් වගාවක පැවැත්ම, වර්ධනය වගේම අස්වැන්නත් සැලකියයුතු ප්‍රමාණයකින් තීරන වෙනවා කියලා...
pH අගය 7 වෙන විට උදාසීන පසක් විදිහට සලකන අතර එම අගය 7 වඩා අඩුවෙන විට ආම්ලික පසක් විදිහටත්, එම අගය 7 වඩා වැඩි වන විට ක්ෂාරීය පසක් විදිහටත් සලකනු ලබනවා...
බොහොමයක් බෝග වගාවන්ට හොදින්ම වර්ධනයවෙමින් අස්වනු දෙන්න පුළුවන් හොදම pH අගය පරාසය තමයි 5.5 - 6.5 අතර පරාසය... නමුත් මෙම අගය බෝග වර්ගයන් අනුව වෙනස් වෙනවා...
pH අගය අඩු අගයක පවතිමින් ආම්ලික වූ පසක පවතින බෝග වගාවක වර්ධනය බාලවීමක් සිදුවෙනවා... ඒ වගේම තමයි බෝගයක වර්ධනයට බහුලව අවශ්‍ය වෙන නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් පසෙහි සැලකියයුතු මට්ටමක පැවතුනද පස ආම්ලික වීම නිසා එම පෝෂක බෝග වගාවන්ට ලබාගැනීමට හැකියාව අඩුවෙනවා...
❌ එම නිසා බෝග වගාවකට පොහොර දැමීමට ප්‍රථම pH පරීක්ෂාවකින් පසුව ආම්ලිකතාවය අඩුකරගනිමින් පොහොර යෙදීම වැදගත් වෙනවා...
• මෙන්න මේ ආකාරයට pH අගය අඩු එහෙමත් නැතිනම් ආම්ලිකතාවය වැඩි පසක, pH අගය යහපත් මට්ටමකට ගෙන ඒමට තමයි ප්‍රධානවම ඩොලමයිට් යෙදීම සිදුකරන්නේ...
• ඒ වගේම වගාවන්ට හිතකර pH පරාසය තුලදී පසෙහි වාසය කරන හිතකර පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය වේගවත් කිරීමද මෙසේ ඩොලමයිට් යෙදීම නිසා සිදුවී පසෙහි ඇති ලබාගත හැකි පෝෂක ප්‍රමාණය වැඩිවේ...
• මෙලෙස වැඩිවන හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ වේගවත් ක්‍රියාවලිය හේතුවෙන් කාබනික ද්‍රව්‍ය වියෝජනයද වේගවත් වී පස සාරවත් වීම සිදුවෙනවා...
• ස්වාභාවික ලෙස පසට නයිට්‍රජන් එකතුකරන බැක්ටීරියා ක්‍රියාකාරිත්වයද ඉහල නංවනවා...
. • කැල්සියම්, මැග්නීසියම් යන පෝෂකයන්ද ඩොලමයිට් මගින් පසට ලැබෙනවා...
• ඩොලමයිට් මගින් ලැබෙන කැල්සියම් මගින් පස බුරුල් වී පසෙහි ගුණාංගයන්ද දියුණුවීම සිදුවේ...
ඩොලමයිට් යොදා සති 6 - 8 යනතුරු බෝග වගාවකට පොහොර නොදා සිටීමට වග බලා ගැනීම ඉතා වැදගත්ය... ඒකට ප්‍රධානතම හේතුවක් තමයි නයිට්‍රජන්, ඇමෝනියා විදිහට වාෂ්ප වෙලා හානියට ලක්වීමනිසා යොදන පොහොරෙහි නයිට්‍රජන් පසට ලබාගත නොහැකිවීම...
• පසේ pH අගයන්ට අනුව යෙදිය යුතු ඩොලමයිට් ප්‍රමාණයන්... (කි.ග්‍රෑම් /අක්කර)
පසේ pH අගය ඩොලමයිට් ප්‍රමාණය
3.86 අඩු - 800
3.86 - 4.24 - 700 4.25 - 4.62 - 600
4.63 - 4.99 - 500
5.00 - 5.37 - 400
5.38 - 5.74 - 300
5.75 - 6.12 - 200
6.13 - 6.49 - 100
6.50 වැඩි - 0
❌මෙම ප්‍රමාණයන් සදහන් කරත් ඔයාලට පසේ pH අගය ගැන දැන ගන්න එක ගැටළුවක් කියල හිතෙනව නේද... නෑ එහෙම හිතන්න ඕනෙ නෑ... ඔයාලට පුළුවන් බදාදා දවසක ලගම තියන ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ව්‍යාප්ති නිලධාරී හම්බවෙලා පස් සාම්පල් එක ගන්න විදිහත් දැගන පස් සාම්පල් එක අරගන ගිහින් නොමිලේම පරීක්ෂා කරගන්න...
ඔන්න එහෙමනම් පසේ සරුබව වැඩිකරගන්න