ආදරෙන් උයන්න - ගී බත් එක්ක චිකන් ටික්කා මසාලා හොදටම ගැලපෙනවා..
Cook with Love
0:00 / 0:00
ආදරෙන් උයන්න - ගී බත් එක්ක චිකන් ටික්කා මසාලා හොදටම ගැලපෙනවා..
18 331 просмотр · 11 месяцев назад
Cook with Love
104 тыс. подписчиков
18 331 просмотр · 11 месяцев назад
අද දවල්‍ට මං ගී බතක් එක්ක චිකන් ටික්කා මසාලා එකක් හැදුවා. චිකන් ටික්කා මසාලා හැදුවේ මුල් වතාවට ඒක ගොඩාක් රසට ආවා.. මං ගත්තු ඉන්ග්‍රීඩියන්ස් ප්‍රාමාණයන් එක්කම පහලින් ලියන්නම්..
🔹ගී බතට හදන්න ඕන වුනේ,
▪️පොන්නි හාල් කොප්ප 2 ක්
▪️හාල් මැනපු කොප්පෙන්ම වතුර 4 ක්
▪️එලගිතෙල් මේසහැදි 4ක්
▪️කරපිංචා කොල 10 ක්
▪️ලුනු ගෙඩියකින් භාගයක් පොඩියට කපලා
▪️කුරුදුපොතු කෑලි 2 ක්
▪️එනසාල් 6
▪️කරාඹුනැටි 6
▪️කහ කුඩු තේහැදි භාගයක්
▪️ලුණු කුඩු තේහැදි එකහාමාරක්
▪️සුදුළූනු බික් දෙකක් නැත්තන් සුදුළූනු පේස්ට් එකෙන් තේහැදි භාගයක්..
🔹චිකන් ටික්කා හදන්න ඕන දේවල්
▪️කුකුල් මස් ග්‍රෑම් 800
▪️දෙහි යුෂ මේසහැදි 1
▪️ලුණු කුඩු තේහැදි 1 1/2
▪️සුදුලූනු පේස්ට් තේහැදි 1
▪️ඉගුරු පේස්ට් තේහැදි 1
▪️මිරිස් කුඩු තේහැදි 1
▪️ගරම්මසාලා කුඩු තේහැදි 1
▪️කොත්තමල්ලි කුඩු තේහැදි 1
▪️කහ කුඩු තේහැදි භාගයක්
▪️යෝගට් හෝ මුදවපු කිරි කොප්ප භාගයක්
▪️තෙල් මේසහැදි 1
මේ ඔක්කොම දාලා කලවන් කර මස් ටික මැරිනේට් වෙන්න පැය පහක් හරි මුලු රැයක්ම ශීතකරනයේ සාමාන්‍ය කොටසේ තියන්න ඕනේ. ඊට පස්සෙයි අවන් හරි, එයාෆ්‍රයර් හරි පෑන් එකේ හරි බදින්න ඕනා..
🔹චිකන් ටික්ක මසාලා එකට,
▪️තෙල් මේසජැදි 1
▪️බටර් මේසහැදි 2
▪️සුදුරු තේහැදි 1
▪️බේලීව් 2
▪️ලුනු ගෙඩි එකහා මාරක් පොඩියට කපලා
▪️සුදුලූනු පේස්ට් තේහැදි 1
▪️ඉගුරු පේස්ට් තේහැදි 1
▪️අමු මිරිස් කරල් 2
▪️ලුණු කුඩු තේහැදි 1
▪️ගරම්මසාලා කුඩු තේහැදි 1
▪️කොත්තමල්ලි කුඩු තේහැදි 1
▪️මිරිස් කුඩු තේහැදි 1
▪️ලොකු තක්කාලී ගෙඩි 2 ක් පොඩියට කපලා
▪️හදාගත්තු චිකන් ටික්කා ටික
▪️ඩබල් ක්‍රීම් මේසහැදි 1 හෝ යෝගට් මේසහැදි 1
▪️සීනි මේසහැදි 1
▪️කොත්තමල්ලි කොල
මේ ටික තමා ඕන. ඩබල් ක්‍රීම් නැති නිසා ආදෙශකයක් විදියට යෝගට් පාවිච්චී කරා. ඔයාලාට අහන්න දෙයක් තියේනම් කමෙන්ට් කරන්න. මේක ගොඩාක් රසයි ඉතින්.. දවසක හදලා බලන්න