රත්තරන් නෙත් දෙකෙන් - ටී. එම්. ජයරත්න | Raththaran Neth Deken - T M Jayarathna
ELAKIRI LANKA
0:00 / 0:00
රත්තරන් නෙත් දෙකෙන් - ටී. එම්. ජයරත්න | Raththaran Neth Deken - T M Jayarathna
7 615 706 просмотров · 6 лет назад
ELAKIRI LANKA
30,6 тыс. подписчиков
7 615 706 просмотров · 6 лет назад
ගායනය: ටී. එම්. ජයරත්න
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුලරත්න ආරියවංස
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් //
තාරකා සිනා දැලේ රන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාලුවේ වෙලී හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් //
මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් //