එක් රටක එක් පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන ඉදිරියට යා යුතුයි.
Sajith Premadasa
0:00 / 0:00
එක් රටක එක් පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන ඉදිරියට යා යුතුයි.
2 146 просмотров · 16 часов назад
Sajith Premadasa
126 тыс. подписчиков
2 146 просмотров · 16 часов назад
එක් රටක එක් පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන ඉදිරියට යා යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන අරමුදල ආරම්භ කර ක්‍රියාත්මක කරමින් සම්බුද්ධ ශාසනයට සුවිශේෂ තැනක් ලබා දුන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට සම්බුද්ධ ශාසනයට බුදුදහමට සුවිශේෂ තැනක් ලබා දෙමින් එය සුරක්ෂිත කර ආරක්ෂා කර ප්‍රවර්ධන කර සෙසු ආගම් ජාති සංස්කෘතීන්ට නිසි තැන නිසි ස්ථාවරය සහ නිසි රැකවරණය ලබා දුන් බවත් එය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බුද්ධශාසන අමාත්‍යාංශය සේම සෙසු ආගම් හා ජාතීන්ට අදාළව රාජ්‍ය අමාත්‍යාංශය නිර්මාණය කිරීමෙන් එම ආගම් හා සංස්කෘතීන්ට ද ජාතීන්ට ද නිසි ආරක්ෂාව රැකවරණය ලබා දුන් බවත් ඉදිරියටත් සිදුවිය යුත්තේ එවැනිම දෙයක් බවත් එක් රටක එක් පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පන්නිපිටිය රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරයට පැමිණ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන් වහන්සේ සමඟ සිදු කළ සුහද පිළිසඳර අතරතුර ය.
රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සෛරීත්වය සහ දේශපාලන නිදහස වැදගත් සේම ව්‍යවස්ථාවේ ඇති රටේ නීතිය ද ක්‍රියාත්මක විය යුතු බවත් බුදුසසුන ආරක්ෂා කිරීම සේම සෙසු ආගම් ජාතීන් හා සංස්කෘතීන් සුරක්ෂිත කරන්නට ද කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ස්වාමීන් වහන්සේලාට සේම සෙසු ආගම්වල ආගමික නායකයන්ට ද ගෞරව කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සම්බුද්ධ ශාසනයට සුවිශේෂ තැනක් ලබා දී ඇති බවත් එය අමතක නොකළ යුතු බවත් ඒ ප්‍රතිපත්තියේ සමගි ජන බලවේගය සිටින බවත් මේ දිනවල ස්වාමීන් වහන්සේලා සහ චීවරය ඉලක්ක කර ගෙන සිදු කරන නිග්‍රහයන් පිළිගත නොහැකි බවත් මෙවැනි දේවල් සිදු කරන විට පිළිපැදිය යුතු රෙගුලාසි ඇති බවත් මේ රෙගුලාසි ආදිය සොයා සංවේදී කරුණු ගැන සොයා අදාළ පාර්ශ්වයන්ගෙන් නිර්දේශ ලබා ගෙන නොගැලපීම් නිවැරදි කර ගෙන සංවේදී ලෙස කටයුතු කළ යුතු බවත් පැවසීය.
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන මුරදේවතාවුන් වන මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සෙසු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද අනුශාසනා අනුව කටයුතු කරන බවත් බුද්ධශාසනය සුරක්ෂා කිරිමට සෑම විටම තමා ප්‍රායෝගික බෞද්ධයකු ලෙස පෙනී සිටින බවත් බුදුදහම උපයෝගී කර ගෙන දේශපාලන වාසි ලබා ගන්නවා වෙනුවට ක්‍රියාවෙන් වැඩවලින් බෞද්ධයකු ලෙස කටයුතු කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සංඝයා වහන්සේ නමකගේ සිවුර ගැලවිය හැක්කේ මහා සංඝරත්නයට පමණි - කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන්
මෙහි දී අදහස් පළ කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් කියා සිටියේ ඉතිහාසයේ සිටම අප රට බෞද්ධ රටක් බවත් බුදුදහම ආරක්ෂා කිරීම සැමගේම යුතුකමක් බවත් රට ආර්ථික, සාමාජීය වශයෙන් ඉතිහාසයේ සිටම බුදුදහම මූලික කරගත් දියුණුවක් ලැබු බවත් ය. එසේම ශ්‍රී ලංකාවෙ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් 99%ක්ම ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිදුවූ නිග්‍රහයට විරුද්ධ බවත් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට පෙර උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සභාවෙන් විමසීමට යුතුකමක් තිබූ බවත් සංඝයා වහන්සේ නමකගේ සිවුර ගැලවිය හැක්කේ මහා සංඝරත්නයට පමණක් බවත් උන්වහන්සේ පැවසීය.