දියවැඩියාවෙන් දුක්විදින්න එපා. මෙන්න මේ විදිහට සනීප වෙන්න!
Enlight
0:00 / 0:00
දියවැඩියාවෙන් දුක්විදින්න එපා. මෙන්න මේ විදිහට සනීප වෙන්න!
407 338 просмотров · 2 года назад
Enlight
248 тыс. подписчиков
407 338 просмотров · 2 года назад
ලංකික ජනතාව අතර ලොකුම වසංගතයක් වෙලා තියෙන Type 2 දියවැඩියා රෝගයෙන් සුව වෙන හැටි මෙම වීඩියෝ එකෙන් සාකච්චා වෙනවා.
මෙහි පෙන්නලා දෙන ක්‍රම අනුගමනය කරලා, Prediabetics අයට මෙම රෝගයෙන් සම්පුර්ණයෙන්ම සුව වෙන්න පුළුවනි; කිසිම බෙහෙතක් ගන්න අවශ්‍ය නැහැ. Insulin ගන්න අවශ්‍ය නැති, බෙහෙත් පෙති පමණක් ගන්න අයට අසනීපය ආපස්සට ගන්න පුළුවනි; බෙහෙත් ගන්න එක සම්පුර්ණයෙන්ම නවත්වන්න පුළුවනි ක්‍රමයෙන්.
බරපතළ විදිහට දියවැඩියාව තියෙන අයටත්, Type 1 දියවැඩියාව තියෙන අයටත් මේ උපදෙස් බෙහෙවින්ම උපකාරී වෙනවා ලෙඩේ පාලනය කරගෙන, දීර්ඝ කාලයක් හොදින් ජීවත්වෙන්න. දියවැඩියාව හැදිලා නැති අයට, මේ උපදෙස් පිළිපැදල සම්පුර්ණයෙන්ම ලෙඩේ වලක්වගන්න පුළුවනි.
මෙම වීඩියෝ එක නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
"ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 12 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 11 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 45 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.
වියාචනය: මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය රාහුල හිමියන් වුර්තියෙන් වෛද්‍යවරයෙක් නොවේ. මෙහි දෙන උපදෙස් උන්වහන්සේගේ අද්දැකීමෙන් සහ දැනුමෙන් දෙන උපදෙස් පමණයි. එම උපදෙස් ලෙඩක් පරික්ෂා කිරීමට හෝ සුවවීම වෙනුවෙන් භාවිතා නොකළ යුතුයි. පවුද්ගලික වෛද්‍ය උපදෙස් පතන අය, ලියාපදිංචි වෛද්‍යවරයෙක් හමුවිය යුතයි.
Disclaimer: The information provided in this should not be used for diagnosing or treating a health problem or disease, and those seeking personal medical advice should consult with a licensed physician. Always seek the advice of your doctor or other qualified health provider regarding a medical condition.
#diabetes #health #දියවැඩියාව #දියවැඩියා රෝගය