මූලික සන්නිවේදන වර්ග, ස්වරූප සහ ආකෘති | සිංහල මාධ්‍ය | වැදගත් කරුණු
A for Media
0:00 / 0:00
මූලික සන්නිවේදන වර්ග, ස්වරූප සහ ආකෘති | සිංහල මාධ්‍ය | වැදගත් කරුණු
247 просмотров · 3 месяца назад
A for Media
100 подписчиков
247 просмотров · 3 месяца назад
1. සන්නිවේදන වර්ග (Types of Communication)
සන්නිවේදනය සිදුවන පාර්ශවයන් සහ එහි ස්වභාවය අනුව එය ප්‍රධාන වර්ග 5කට බෙදේ:
පුද්ගලාන්තර සන්නිවේදනය (Intrapersonal Communication): පුද්ගලයෙකු තමා තුළින්ම සිදුකරගන්නා සන්නිවේදනයයි. සිතීම, සැලසුම් කිරීම, තීරණ ගැනීම සහ යාඥා කිරීම මීට අයත් වේ. මෙහිදී සන්නිවේදකයා සහ ග්‍රාහකයා එක් අයෙකුමය.
අන්තර් පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication): පුද්ගලයන් දෙදෙනෙකු අතර මුහුණට මුහුණ ලා සිදුවන අදහස් හුවමාරුවයි. මෙහිදී ක්ෂණික ප්‍රතිපෝෂණයක් (Immediate Feedback) ලබාගත හැක. (උදා: මිතුරන් දෙදෙනෙකුගේ කතාබහ).
කණ්ඩායම් සන්නිවේදනය (Group Communication): පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පොදු අරමුණක් වෙනුවෙන් එකතු වී සිදුකරන සන්නිවේදනයයි. (උදා: පන්ති කාමරයක ඉගැන්වීම්, රැස්වීම්).
ජන සන්නිවේදනය (Mass Communication): කිසියම් තාක්ෂණික මාධ්‍යයක් (පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය) භාවිත කරමින්, විශාල වූත්, එකිනෙකට වෙනස් වූත් (Heterogeneous) විසිරී සිටින ජනතාවක් වෙත පණිවිඩයක් එකවර සම්ප්‍රේෂණය කිරීමයි.
2. සන්නිවේදන ස්වභාවයන් / ස්වරූප (Forms of Communication)
සන්නිවේදනය සඳහා භාවිත කරන මාධ්‍යය අනුව එය ප්‍රධාන ස්වරූප 2කට බෙදේ:අ)
ශාබ්දික සන්නිවේදනය (Verbal Communication)වචන (Words) භාවිත කරමින් සිදුකරන සන්නිවේදනයයි. මෙය නැවත කොටස් දෙකකට බෙදේ:
වාචික සන්නිවේදනය (Oral): කටවචනයෙන් කතා කිරීම (උදා: දේශන, දුරකථන ඇමතුම්).
ලේඛන සන්නිවේදනය (Written): අකුරු හෝ සංකේත ලියා දැක්වීම (උදා: ලිපි, පොත්පත්, කෙටි පණිවිඩ).ආ)
අශාබ්දික සන්නිවේදනය (Non-Verbal Communication)වචන භාවිතයෙන් තොරව ශරීරය හෝ බාහිර සංඥා මඟින් අදහස් ප්‍රකාශ කිරීමයි. මීට පහත දෑ ඇතුළත් වේ:ශරීර භාෂාව (Kinesics / Body Language): මුහුණේ ඉරියව්, දෑස් ස්පර්ශය (Eye contact) සහ අත්පය හැසිරවීම.ස්පර්ශය (Haptics): අතට අත දීම, වැළඳගැනීම මඟින් සෙනෙහස හෝ ගෞරවය පෙන්වීම.කාලය සහ අවකාශය භාවිතය (Proxemics): සන්නිවේදනයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර තබාගන්නා දුර ප්‍රමාණය.පාරභාෂාව (Paralanguage): කතා කරන වචනවල ස්වරය (Tone), වේගය සහ ශබ්දයේ උස්පහත් වීම්.
3. සන්නිවේදන ආකෘති (Models of Communication)
සන්නිවේදන ක්‍රියාවලියක් සිදුවන ආකාරය සරලව වටහා ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද රූප සටහන් හෝ රාමු සන්නිවේදන ආකෘති ලෙස හඳුන්වයි. ප්‍රධාන ආකෘති වර්ග 3කි:
ඒකමාර්ගීය / රේඛීය ආකෘති (Linear Models)පණිවිඩය සන්නිවේදකයාගෙන් ග්‍රාහකයා වෙත ගලා යන්නේ එකම දිශාවකට පමණි. මෙහි ප්‍රතිපෝෂණයක් (Feedback) නැත.
ඇරිස්ටෝටල්ගේ ආකෘතිය (Aristotle's Model): ලොව පැරණිතම ආකෘතියයි. (දේශකයා , දේශනය , ශ්‍රාවකයා ,බලපෑම).
ලැස්වෙල් ආකෘතිය (Lasswell's Model): "කවුද, කුමක්ද කියන්නේ, කුමන මාධ්‍යයකින්ද, කාටද, කුමන බලපෑමකින්ද" යන ප්‍රශ්නාවලිය හරහා සන්නිවේදනය පැහැදිලි කරයි
.ශැනන් සහ වීවර් ආකෘතිය (Shannon & Weaver Model): තාක්ෂණික සන්නිවේදනය සඳහා (දුරකථන වැනි) නිපදවූවකි. මෙහිදී "බාධා" (Noise) පිළිබඳ සංකල්පය මුල්වරට හඳුන්වා දුන්නේය.ද්විමාර්ගීය / අන්තර්ක්‍රියාකාරී ආකෘති (Interactive Models)මෙහිදී සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර පණිවිඩ හුවමාරුව දෙපැත්තටම සිදු වේ.
විල්බර් ශ්‍රාම්ගේ ආකෘතිය (Wilbur Schramm's Model): සන්නිවේදනය සාර්ථක වීමට නම් දෙදෙනාගේම "අත්දැකීම් ක්ෂේත්‍රය" (Field of Experience) සමාන විය යුතු බවත්, ප්‍රතිපෝෂණය අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙයි.ගනුදෙනුමය ආකෘති (Transactional Models)සන්නිවේදකයා සහ ග්‍රාහකයා යන දෙදෙනාම එකම වෙලාවක පණිවිඩ යවන්නන් සහ ලබන්නන් ලෙස ක්‍රියා කරන සංකීර්ණ සන්නිවේදනයකි (උදා: මුහුණට මුහුණ ලා කරන සාකච්ඡා). #media #communication #alevel #education