මරණින් පසු නැවත උත්පත්තිය ලැබෙන සැටි.|Dahamin suwaya
දහමින් සුවය | Dahamin Suwaya
0:00 / 0:00
මරණින් පසු නැවත උත්පත්තිය ලැබෙන සැටි.|Dahamin suwaya
8 242 просмотра · 3 г. назад
දහමින් සුවය | Dahamin Suwaya
1,48 тыс. подписчиков
8 242 просмотра · 3 г. назад
මරණින් පසු නැවත උත්පත්තිය ලැබෙන සැටි.
මරණය.....
ඉහත වචනය ඇසු පමණකින්ම සිතට ඇති වන්නේ බියක්. පණ ඇති සියලු සත්වයෝම එකී මරණයට බිය උපදවති එහෙත් මරණය සිදුවන්නේ මේ භවයේදි පමණක් නොවන්නේය. අති දීර්ඝ සංසාරයේ මිය ගිය වාර ගනන ගනනින් කියන්නට නොහැකි වන්නේය
තථාගත ලොව්තුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ එදා ඇසතු බෝධීන් වහන්සේගේ සෙවණෙහි වජ්‍රාසනයෙහි වැඩ සිට පුබිබේ නිවාසානුස්සති ඤාණය පෙර විසු කඳ පිලිවෙල දක්නා නුවණ ලද සේක .තථාගතයන් වහන්සේට එහි සීමාවක් නැතිව පෙර සත්වයා මිනිස් ලොව , තිරිසන් ලොව , පේත ලොව දෙව් ලොව බඹ ලොව නොයෙක් ආත්ම භවයන්හි උපත ලද ආකාරය දක්නා ලද සේක එසේම සත්වයෝ ඉපදෙන සැටි මරණයට පත්වන සැටි චුති , උත්පත්ති දෙක දක්නාවු නුවණද සීමාවක් නැතිව තථාගතයන් වහන්සේ දක්නා ලද සේක
එබැවින් එක් ආත්මයක මරණයක් නොව සසර සීමාවක් නැතිව සිදුවන මරණයන්ට බිය උපදවා ගත යුත්තේය.ඉදින් එක් භවයක අවසන චුති සිත ඇතිවන අවස්ථාවෙහි කර්මය , කර්ම නිමිත්ත , ගති නිමිත්ත යන කරුණු තුනෙන් එකක් පෙරමුණට එන්නේය කර්මය නමි කල කුසලාකුසල කර්මයි.කර්ම නිමිත්ත නමි එකී කුසලාකුසල කර්මයන් සිදු කිරිමට උදවි උපකාර කල පුද්ගලයන් සහ වස්තූන්ය .ගති නිමිත්ත නමි මතු උපදනා භවයෙහි තොරතුරුය .ඒ අනුව ඉදිරි භවය සකස්වන්නේය
එබැවින් නුවණැති සත්පුරුෂයෝ එක් භවයක මරණය ගැන නොසිතා සසර කෙලවරක් නොමැති මරණ ගැන සිතා සසරට බිය උපදවා වහ වහා සසරින් එතරවීමටම කටයුතු කරත්වා!
Subscribe our You Tube Channel ÷
/ @dahamin_suwaya
Fallow our Facebook page ÷
/ dahaminsuwaya
Join our Facebook group ÷
https://www.facebook.com/groups/59495...
#දහමින්සුවය #මරණින්පසුනැවතඋත්පත්තියලැබෙනසැටි.#YouTube