මතක පොතේ පිටු අතරේ (New Sinhala Song)
RWMusic 🇱🇰 SL
0:00 / 0:00
මතක පොතේ පිටු අතරේ (New Sinhala Song)
2 883 просмотра · 10 дней назад
RWMusic 🇱🇰 SL
2,16 тыс. подписчиков
2 883 просмотра · 10 дней назад
මතක පොතේ පිටු අතරේ
නුඹේ රූපේ මැවි මැවී පෙනුනා
කොමළ පෑ නුඹේ නෙතු ළඟ මා
නෙත් අයා බලා සිටියා
නෙත් අගින් හොරැහින්
හැඟුම් පා
ආදරේ දුන් දා
වින්ඳ ආදර පෙම් හැඟුම්
හිතේ ඇඳෙමින් රිදුම් දෙනවා
ඇගිළි තුඩු මත නුඹේ දෙකොපුල්
සිනිදු දියදහර සේ
පිරිමැදුන මොහොතේ
දෙතොල් අග පිරි සෙනෙහෙ වදනින්
මා
ජීවිතය වින්ඳා
පපුතුරේ උණුහුමට ලංකර
නුඹේ සුසුමෙන් ජීවිතය දුන්දා
පාට පාටින් හැඩවෙවී
මගෙ ජීවිතේ
නුඹේ ළග සතුටින්ම ගෙවුනා
නෙත් අගින් හොරැහින්
හැඟුම් පා
ආදරේ දුන් දා
වින්ඳ ආදර පෙම් හැඟුම්
හිතේ ඇඳෙමින් රිදුම් දෙනවා
අද දුරයි නුඹ
සිහිවෙවී හද රිඳුම් දෙනවා
හිරු සදුත් නැති
අඳුරු ලෝකෙක
ජීවිතේ මගේ
තනිකමින් ගෙවෙනා
මතක පොතේ පිටු අතරේ
නුඹේ රූපේ මැවි මැවී පෙනුනා
කොමළ පෑ නුඹේ නෙතු ළඟ මා
නෙත් අයා බලා සිටියා
නෙත් අගින් හොරැහින්
හැඟුම් පා
ආදරේ දුන් දා
වින්ඳ ආදර පෙම් හැඟුම්
හිතේ ඇඳෙමින් රිදුම් දෙනවා