අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ" | Ada Derana
Ada Derana
0:00 / 0:00
අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ" | Ada Derana
5 402 просмотра · 12 часов назад
Ada Derana
3,94 млн подписчиков
5 402 просмотра · 12 часов назад
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා
අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි
"සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"
මාලිමාවේ ක්ෂණික ඡන්දයෙන් කට ඇරපු මන්ත්රී එළියට
අම්පාර නගර සභාවේ මහ සභා රැස්වීම අද (15) පැවැති අතර එහිදී සමගි ජන බලවේගයේ නාගරික මන්ත්රි ලක්සිරි වික්රමසිංහ මහතා ඥානසාර හිමියන් පිළිබඳව අදහස් පළ කිරීමට උත්හාස කිරීමේදී සභාපති ඇතුළු මාලිමාවේ මන්ත්රීවරුන් එයට විරෝධය පෑමත් සමග සභාවේ උණුසම් තත්ත්වයක් ඇතිවිය.
ඒ, හේතුවෙන් සභාපතිවරයාට සභාව තාවකාලිකව කල්තැබීමටද සිදුවිය.
පසුව සභාව නැවත ආරම්භ කිරිමෙන් අනතුරුව ලක්සිරි වික්රමසිංහ මහතා නගර සභාව නමින් යන මුහුණු පොතක් ගැන අදහස් පළ කිරීමට උත්හාස කිරීමේදී නැවතත් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පසුව මාලිමා මන්ත්රි යසරත්න විසින් ලක්සිරි වික්රමසිංහ මහතා සභාවෙන් ඉවත් කරන ලෙසට යෝජනා කළ අතර උප සභාපතිවරයා විසින් එය ස්ථිර කරනු ලැබීය.
ඒත් සමගින් යෝජනාවට පක්ෂව මාලිමා මන්ත්රිවරුන් සියලුදෙනාම ඡන්දය දුන් අතර විරුද්ධව ජන්ද දෙකක් ලැබී තිබුණි.
ඒ අනුව සමගි ජන බලවේගයේ ලක්සිරි වික්රමසිංහ මන්ත්රිවරයා සභාවෙන් ඉවත්වී මාධ්ය හමුවක් පවත්වනු ලැබීය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews