Kalakarama Sutta (කාළකාරාම සූත්‍රය) - Ven. Kiribathgoda Gnanananda Thero
Mahamevnawa
0:00 / 0:00
Kalakarama Sutta (කාළකාරාම සූත්‍රය) - Ven. Kiribathgoda Gnanananda Thero
17 820 просмотров · 9 лет назад
Mahamevnawa
215 тыс. подписчиков
17 820 просмотров · 9 лет назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ කාළකාරාම සූත්‍රය ඇසුරෙන් 2017 ජනවාරි මස 13 වෙනි දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනය
--------------------------
අද අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ගුණ ගැන කියවෙන උතුම් බුද්ධ දේශණාවක් ශ්‍රවණය කරන්නට. මේ බුද්ධ දේශණාවේ නම තමයි කාළකාරාම සූත්‍රය. මේ කාළකාරාම කියලා කියන්නේ කාළක කියන සිටුවරයා සාකේත නුවර තමන්ගේ උද්‍යානේ ආරාමයක් හදලා පූජා කළා. ඒ ආරාමේ නම තමයි කාළාකාරාමය. මේ සූත්‍ර දේශණාව ලංකාවේත් ඒ කාළේ බොහෝ ප්‍රසිද්ධ එකක්. අපේ සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ කාළේ ඔබ අහලා තියෙනවා මිහින්තළේ කළුදියපොකුණේ කරුවල පෝය දවසක කළුබුද්ධරක්ඛිත රහතන් වහන්සේ කලු තිබිරි ගසක් යට මේ කාළකාරාම සූත්‍ර දේශණාව දේශණා කරන්න ආරම්භ කරලා තියෙනවා හවස් වරුවේ. එතකොට උන්වහන්සේ හවස් වරුවේ දේශණා කරන්න පටන් අරන් මුළු තන්යම් රාත්‍රියේම මේ බුද්ධ දේශණාව පවත්වලා පාන්දර අවසන් කළාම සාදු හඩක් ඇහුනා ඒ මිනිස්සුන්ගේ හඬ පරදවා. බැලුවාම සද්ධාතිස්ස රජ්ජුරුවෝ. ඊට පස්සේ ඇහුවා රජතුමනි කොයි වෙලාවෙද තමුන්නාන්සේ මෙහෙට ආවේ කියලා. කිව්වා ස්වාමීණි මේ ධර්ම දේශණාව පටන්ගනිද්දි මම ආවේ කියලා.
එතකොට ධර්ම දේශණාව පටන් ගනිද්දි සද්ධා තිස්ස රජ්ජුරුවෝ ඇවිල්ලා පැත්තකින් හිටගෙන ඉන්නවා. මිනිස්සුන්ගේ කළබලයක්, දැගලිල්ලක්, දුවගෙන ගිහිල්ලා නැගිටලා රජ්ජුරුවෝ එක්කන් ඒමක් මුකුත් නෑ. මිනිස්සුන්ගේ පාඩුවේ ඒ මිනිස්සු බණ ඇහුවා. මේ කාළේ රටේ රජා එනවා නම් අපි බණ නවත්තලා පිළිගන්න ඕනේ. ඒ තත්වෙට ගේන්නේ දායකයෝ. දුවගෙන ගිහිල්ලා කියනවා, ස්වාමීනී අන්න අසවලා ආවා මිනිස්සුන්ව කළබල වෙලා ධර්ම දේශණාව නවත්වලා ඊටපස්සේ රජා දිහා බලන් ඉන්නවා. මේ දේශණාවේ අහනවා රජතුමණි, කවර වෙලාවකද ආවේ කියලා. ස්වාමීනී ධර්ම දේශණාව පටන් ගනිද්දි ආවේ කියනවා. එතකොට අහනවා ඔබතුමා මේ තුන්යම් රාත්‍රියේම මුළුල්ලේම හිටගෙන බණ අහපු එක සෑහෙන දුෂ්කර වැඩක් නේද කියලා අහනවා. කියනවා ස්වාමීණී ඒක දුෂ්කර නෑ. කියනවා ඊට වඩා දුෂ්කර දෙයක් මම කළා ස්වාමීණී බණ පටන් ගත්තු තැන ඉදලා එක බණ පදයක් වත් මග හැරෙන්න නොදී මම සිහියෙන් අහන් හිටියා කිව්වා.
මම එහෙම ඇහුවේ නැත්නම්, දත් මදින්න ගන්න දැහැටි කෑල්ලක ප්‍රමාණේ වත් අයිතිය මට ලංකාභූමියේ අයිතිය නෑ කියනවා. ස්වාමීනී ඔය සූත්‍ර දේශණාවෙන් විස්තර කරපු බුදු ගුණ ඒ ප්‍රමාණෙද තියෙන්නේ තව තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා මහරජ මං නොකී බුදු ගුණ මං කී බුදු ගුණට වඩා බොහෝ වැඩියි. එතකොට රජ්ජුරුවෝ අහනවා ස්වාමීනී උපමාවක් කියන්න පුළුවන්ද? කියනවා මහරජ, අක්කර දාහක කුඹුරක වී කරලක් පෙන්නුවා වගෙයි කිව්වා මං මේ තුන් යාමය මුළුල්ලේම බණ කීම කියලා කිව්වා. නොකී බුදු ගුණ වැඩියි කිව්වා. සද්ධාතිස්ස රජ්ජුරුවෝ අහනවා ස්වාමීනී තව උපමාවක් කියන්න පුළුවන්ද කියලා…….
--------------------------
~ Namo Buddhaya ~
| ● The Official Website of Mahamevnawa Buddhist Monastery |
https://www.mahamevnawa.lk
| ● like us on Facebook |
/ mahamevnawa.lk
| ● follow us on G+ |
https://plus.google.com/+MahamevnawaL...
| ● Subscribe us on YouTube |
/ mahamevnawalk
| ● follow us on SoundColud |
/ mahamevnawa-lk