Перейти к содержимому

7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.

DHARMA DESHANA - ධර්ම දේශනා

0:00 / 0:00

7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.

66 844 просмотра · 3 г. назад
DHARMA DESHANA - ධර්ම දේශනා
12,4 тыс. подписчиков
66 844 просмотра · 3 г. назад
7. සලායතන භාවනාව - ඇස පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්, නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන"ධම්මානුපස්සනා" දේශනා ආරම්භයේදී, සිදුකෙරෙන භාවනා කර්මස්ථාන - සලායතන භාවනාව. බුදු සමිඳුගේ නෙතින් - ගලා කරුණා දහර ඇවිලගිය සිත් සතන් - නිවී සැනසී ගියා එකම බණ පදයෙනුත් - ගලා නැණ රැස් දහර අඳුරු ජීවිත පුරා - එලිය විහිදී ගියා දුගී පැල්පතේ හෝ - බමුණු සිටු කුලේ හෝ දුකින් මුදවා ගන්ට - බොහෝ දුර වඩිනවා මහවැස්සෙ තෙමෙනවා - හිරු රැසින් දැවෙනවා කුස ගිනිද දැනෙනවා - බුදු සමිඳු වඩිනවා මිහිරි බණ දෙසන විට - අමාගඟ ගලනවා කන් යොමා අසන විට - සිත සෝක නිවෙනවා ගුණ නුවණ වැඩෙන විට - සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතන විට - නිවන් සුව දැනෙනවා// වඩින විට පිඬුසිඟා - නෙත් කැලුම් බිම යොමා බෙදන්නට දන් පිඩක් - අනේ මට බැරි උනා// බුදු නෙතින් බලා ලොව - සිතේ දුක නිවා දුන් බුදු මුවින් ගලා ආ - මිහිරි දම් අමා දුන් බුදු ගුණින් සදා සිත් - සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් - පිළිසරණ ලබා දුන්/// සලායතන භාවනාව - ඇස මේ ඇස හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වන හෙයින්ද, අනිත්‍යයි/// මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසට පෙනෙන රූපය හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙන්ස්වන හෙයින්ද, අනිත්‍යයි/// ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසෙහි පහලවන සිත නම් වූ චක්ඛු විඤ්ඤාණය, හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වන හෙයින්ද, අනිත්‍යයි/// ඒ චක්ඛු විඤ්ඤාණය නම්වූ ඇසෙහි පහල වන සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසද, රූපයද, සිතද, එක්වීම නම්වූ ඇසේ ස්පර්ශය, අනිත්‍යයි/// ඇසද, රූපයද, සිතද, එක්වීම නම්වූ ඇසේ ස්පර්ශය, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසද රූපයද, ඇස තුල පහල වන සිතද, එක්වීම නිසා ඇතිවන විඳීම අනිත්‍යයි/// ඇසද රූපයද, ඇස තුල පහල වන සිතද, එක්වීම නිසා ඇතිවන විඳීම, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, විඳීම නිසා ඇතිවන හඳුනාගැනීම නම්වූ සඥාව, හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි/// විඳීම නිසා ඇතිවන හඳුනාගැනීම නම්වූ සඥාව, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසෙහි හඳුනාගත් රූපය අනුව පහලවන චේතනාව, හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි/// ඇසි න් හඳුනාගත් රූපය අනුව පහලවන චේතනාව, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඒ රූපය කෙරෙහි ඇතිවන ආසාව නම්වූ තණ්හාව, හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි/// ඒ රූපය කෙරෙහි ඇතිවන ආසාව නම්වූ තණ්හාව, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනිත්‍යයි, දුකයි, අනාත්මයි, (සියල්ලම අනිත්‍යයි)/// සියල්ලම හේතූන් නිසා හටගෙන ඇත, සියල්ලම වෙනස් වන්නේය, සියල්ලම මම නොවේ, සියල්ලම මගේ නොවේ, සියල්ලම මගේ ආත්මය නොවේ, සාධු, සාධු, සාධු!!! සැම හිත සුව පිණිස, නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා. “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං” ▶️ Link භාවනා:    • භාවනා (Meditation)   ▶️ Link:    • Плейлист   දායකත්වය සඳහා විමසීම්: 'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්: ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?... ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?... යූටියුබ් නාලිකාව:    / @hdsl6659   වයිබර් නාලිකාව: https://invite.viber.com/?g=s5rxAVQ7j... වට්ස්ඇප් සමූහය: https://wa.me/message/BT2S54YZQ24JD1 වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn... විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com Tel: +94 773 558 666 - +94 712 726 416