Anthima Satane - අන්තිම සටනේ හුස්මට සම වී #Flashback #Music Lovers
Music Lovers
0:00 / 0:00
Anthima Satane - අන්තිම සටනේ හුස්මට සම වී #Flashback #Music Lovers
1 038 503 просмотра · 6 лет назад
Music Lovers
8,32 тыс. подписчиков
1 038 503 просмотра · 6 лет назад
Song : අන්තිම සටනේ හුස්මට සම වී
Lyrics : විමාලක මුහන්දිරම්
By : ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම (Flashback)
අන්තිම සටනේ හුස්මට සම වී
විශ්මිත වූ ගමනේ
දස්කම් පානා සිංහ පුතුන්නේ
වන්නියෙ මහ කැලයේ
බලාපොරොත්තුව රටට ගෙනල්ලා
අතදිග සීමාවේ
උදා ඉරක් පායයි අභිමානේ
ඔබයි දැයක ජීවේ...
ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවි
උස් අරමුණක හැටි
දුක්විඳ සිත් සේ නෑ පසු බැස්සේ
මරගුල් වලද ගැටී
යුතුකම පපුවේ සුරකින සොයුරේ
දෙපයම ගියත් සිඳී
එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ
සේනා පෙරට ඇදේ...
ගොඩ දිය ගුවනේ රට වට පවුරේ
මුළු විසිහතර පැයේ
නොනිදන දෙනෙතේ එළියයි සුවසේ
යුගයක් එළිය කළේ
පළඳින දවසේ ලක් මවගේ හිසේ
කිරුළක් අතින් ඔබේ
කරනා සටනේ දහඩිය රතු ලේ
සුවඳයි හෙටක් රටේ...
අන්තිම සටනේ හුස්මට සම වී
විශ්මිත වූ ගමනේ
දස්කම් පානා සිංහ පුතුන්නේ
වන්නියෙ මහ කැලයේ
බලාපොරොත්තුව රටට ගෙනල්ලා
අතදිග සීමාවේ
උදා ඉරක් පායයි අභිමානේ
ඔබයි දැයක ජීවේ...