Перейти к содержимому

Gini Malak (Orginal) - Kithsiri Jayasekara ගිණි මලක් පිපුණාය - කිත්සිරි ජයසේකර

Mànoj Đivaňka

0:00 / 0:00

Gini Malak (Orginal) - Kithsiri Jayasekara ගිණි මලක් පිපුණාය - කිත්සිරි ජයසේකර

265 373 просмотра · 6 лет назад
Mànoj Đivaňka
17,3 тыс. подписчиков
265 373 просмотра · 6 лет назад
#Ginimalak #ගිණිමලක් #කිත්සිරි #kithsiri සිංහල ගීත ඉතිහාසය තුල පද රචකයන් කිහිප දෙනෙකු විසින් රචනා කළ ගීත ඉතා විරලයි. කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන මේ ගීතයත් ඒ වගේ ගීත රචකයන් දෙදෙනෙක් විසින් රචනා කරන ලද්දක්. ගීත රචකයන් වන්නේ දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්. ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ  එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා. දෙපාරක්ම තමන්ගේ බෝඩිම ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය දැකල ඔවුන් තම සතුට දරාගන්න බැරුව ඒ සිතුවිලි සමුදාය ගීතයකට නැගුවා. දෙදෙනාගේම අදහස් වලින් ලියපු මේ ගීතයට ඉතාම අලංකාර තනුවක් යොදන්නේ ලලිත් වික්‍රම මහතා. කාන්තාරයකට වැටුණු වැස්සක් වගේ අහම්බෙන් දැකපු මේ ගෑණු ළමය ගැන සිතට ආපු අදහස් ගීතයට එකතු කරලා තියෙන විදිහ ඉතාමත් අලංකාරයි.