Boralu Anena බොරළු ඇනෙන - KARAOKE - Deepika Priyadashini Peiris/Ajantha Ranasingha/Sarath Dasanayaka
සිංහල SINHALA ORIGINAL KARAOKE
0:00 / 0:00
Boralu Anena බොරළු ඇනෙන - KARAOKE - Deepika Priyadashini Peiris/Ajantha Ranasingha/Sarath Dasanayaka
1 163 просмотра · 8 месяцев назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,35 тыс. подписчиков
1 163 просмотра · 8 месяцев назад
තනුව සහ සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : රුචිර පරණවිතාන
මුල් ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
------
බොරළු ඇනෙන පය රිදවන
වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න...
-----
කැලේ ගිහින් නිදි වැරුවා...
කැලේ ගිහින් නිදි වැරුවා
කැපුණ සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනින් හිත තැවරූ
සුවඳ පවා සිහින වැනී...
අඳුරට දුක එකතු වෙලා...
අඳුරට දුක එකතු වෙලා
නින්ද බිඳුණු පැලට වදී
අපට නැතත් බදුලු ඔයට
හෙටත් උදෑසනක් වඩී...
-------
රෑන ගිරව් කටුසු කොබෙයී...
රෑන ගිරව් කටුසු කොබෙයි
උරග නාග සපුනි වනේ
නුඹට වගේමයි අපටත්
දුක් පීඩා විඩා දැනේ...
කඳු ඉස්මත්තෙන් පාවී...
කඳු ඉස්මත්තෙන් පාවී
වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන
කිරි ගරුඬෙන් කවිය වුණේ...
බොරළු ඇනෙන පය රිදවන
වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න...