Перейти к содержимому

Life with Love | ජීවිතයට වටිනාකම් එකතු කරන ඒ පුංචි දේවල්

ජීවිතේට ආදරෙන්

0:00 / 0:00

Life with Love | ජීවිතයට වටිනාකම් එකතු කරන ඒ පුංචි දේවල්

6 670 просмотров · 1 дн. назад
ජීවිතේට ආදරෙන්
13 тыс. подписчиков
6 670 просмотров · 1 дн. назад
අපිට ගෙවුනේ දිර්ඝ සතිඅන්තයක්. අගහරුවාදාත් දරුවන්ට පාසල් වල නිවාඩු..ඒත් ඉතින් ගෙවුණු දින තුන මෙන් අගහරුවාදාත් නිදාගන්න ඕන කියන අදහස නොතිබුණු නිසා උදැසනින්ම නැඟිට්ටා. ඒ මං වෙනුවෙන්, මගේ පැටව් වෙනුවෙන්. නිදහසින් ගලා යන ජීවිතයට වටිනාකමක් එකතු කරන එක මං විසින් කරන්න ඕන දෙයක්නේ. ඉතින් මං අගහරුවාදාව හරිම පුංචි කාරණා එක්ක දවසට වටිනාකම් එකතු කරන් දවස අවසානයේදි ස්තුතිවන්ත වුනා. උණුසුම් වීදුරුවක්, සුවඳ දුම්, සුවඳ ඉටිපන්දන්, උදෑසන පිපුණු බංගලි රෝස, උදුනෙන් උණුවෙන්ම බාපු ප්‍රංශ පාන්, උණුසුම් තේ, කුඩා හිත් හිමියන්ගේ උදෑසන සෙනෙහස පිරුණු වැළඳගැනීම්, උදෑසනට සකස් කළ කෑම වේල වගේ අද දවසට එකතු වෙන තව බොහෝ පුංචි වටිනාකම් මේ දවස නිමා වෙද්දී ස්තුතිවන්ත වෙන්න මට මහා විශාල වූ හේතු කාරණා වන බව විශ්වාසයි. ආදරෙන්, හෂී🌸