Перейти к содержимому

මිලානෝ වලදී අවාසනාවන්ත කොල්ලකෑමකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

Milano Dias මිලානෝ ඩයස්

0:00 / 0:00

මිලානෝ වලදී අවාසනාවන්ත කොල්ලකෑමකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

3 942 просмотра · 1 день назад
Milano Dias මිලානෝ ඩයස්
3,68 тыс. подписчиков
3 942 просмотра · 1 день назад
ඔහු රාත්‍රී 10:10 ට පමණ 95 බස් රථයෙන් බැස තමන්ගේ කාමරයට යන අතරතුර මීටර් 300ක් පමණ ඇති පාළු පාරකදී මේ සිදුවීම වී තිබෙනවා. පිටුපසින් පැමිණි කොල්ලකරුවෙකු ඔහුව බිමට ඇද දමා, පිහියක් තබා තර්ජනය කර ඔහුගේ ෆෝන් එක, බෑග් එක සහ යුරෝ 70ක් පමණ තිබූ පර්ස් එක රැගෙන ගොස් තිබෙනවා. ඒ වෙලාවේ විපුල තමන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කොල්ලකරු සමඟ පොරබදන්න ගියේ නැහැ. ඉන්පසුව ඔහු පොලිසියට (Carabinieri) ගොස් මේ පිළිබඳව පැමිණිල්ලක් (Denuncia) දමා තිබෙනවා. ඒ වගේම නැතිවූ බැංකු කාඩ්පත් වහාම කතා කර බ්ලොක් කිරීමටත් ඔහු කටයුතු කළා. ඉතාලියේ ජීවත් වන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි මේ වීඩියෝවෙන් වැදගත් කරුණු කිහිපයක් මතක් කරනවා: රාත්‍රී කාලයේ පාළු ස්ථාන වල තනිවම ගමන් කිරීමෙන් හැකිතාක් වළකින්න. පාරේ යනවිට හෙඩ්සෙට් දමාගෙන වටපිටාව ගැන කිසිම අවධානයක් නොමැතිව ගමන් කරන්න එපා. අපේ කාන්තාවන් විශේෂයෙන්ම රන් මාල, වළලු වැනි දෑ පිටතට පෙනෙන සේ පැළඳගෙන යාමෙන් ප්‍රවේශම් වෙන්න. යම් හෙයකින් මෙවැනි තර්ජනයකට මුහුණ දුන්නොත්, දේපළ වලට වඩා ඔබේ ජීවිතය වටිනා බව මතක තබාගන්න. 🔴 සම්පූර්ණ වීඩියෝව Milano Dias YouTube නාලිකාවෙන් නරඹන්න! (Watch the full video on the Milano Dias YouTube channel) 🔴