Перейти к содержимому

Ven.Dikkumbure Subhuuthi Thero කෙටි දේශනා එකතුවක්

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

0:00 / 0:00

Ven.Dikkumbure Subhuuthi Thero කෙටි දේශනා එකතුවක්

7 113 просмотров · 5 лет назад
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
7,82 тыс. подписчиков
7 113 просмотров · 5 лет назад
ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි. අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති. ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි. සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......