Перейти к содержимому

රවණයන් විසින් රචිත ශිව තාන්ඩවය 8D Audio # shiva thandawa sinhala lyrics සිංහල

Ceylon tv Entertainment

0:00 / 0:00

රවණයන් විසින් රචිත ශිව තාන්ඩවය 8D Audio # shiva thandawa sinhala lyrics සිංහල

1 627 452 просмотра · 5 лет назад
Ceylon tv Entertainment
13,1 тыс. подписчиков
1 627 452 просмотра · 5 лет назад
ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු, ශිව දෙවියන්ගේ බලය හා අලංකාරය විස්තර කෙරෙන ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කර ඇති ස්තෝත්‍රයකි.ශිව දෙවියන්ට පමණක් ආවේණික සංකේතයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් මෙහි අන්තර්ගත වේ. මෙම ස්ත්‍රෝත‍්‍රය,ශිව දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වූ මහා රාවණ රජුගේ නිර්මාණයකි. මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය.එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිවන ආකාරයටය.මෙහි ඇති ඝන පිහිටීමද ඉතා විශිෂ්ඨය.එය මෙම ස්ත්‍රෝත්‍රය කියවනවිට දැනෙන අතර දිය රැල්ලක් ගලා යනා ආකාරය සිහි ගන්නවයි. මහා රාවණයන් විසින් මෙය ගායනා කරීම නිසා ශිව දෙවියන් සතුටු වී, අතිශය බලගතු ආයුධයක් වූ චන්ද්‍රහාස් අසිපත රාවණයන්ට ලබා දී ඇත.එසේම මෙය ගායනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන අතිමහත් වන අතර ශක්තිය, බලය සහ ධනාත්මක බව ලැබෙනු ඇත.ඔබ මෙම ස්තෝත්‍රය ගායනා කිරීමට පටන් ගත් පසු,මෙහි ශබ්ද රසයෙහි ඇති ධනාත්මක කම්පන ඔබටම දැනෙනු ඇත.ඔබට ඕනෑම පහසු වේලාවක උපරිම ආදරය, භක්තිය සහ විශ්වාසය ඇතිව මෙය ගායනා කළ හැකිය. ඔබ මෙය දිනපතා ගායනා කරන්නේ නම්, දෙවියන්ගේ නාමය ගින්නක් මෙන් වන බැවින් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. ඔබ නොදැනුවත්ව ගින්න ස්පර්ශ කළත් ඔබේ ඇඟිල්ල දැවී යනු ඇත. ඒ හා සමානව ඔබ මෙය නොදැනුවත්ව ගායනා කළත් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ඔබටත් නොදැනිම ලැබෙනු ඇත. මෙම ස්ත්‍රෝත්‍රය ඉතා වටිනා ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අද ද භාවිතා කරති. මෙවන් වූ ප‍්‍රබල ශක්තියක් සහිත මහා රාවණ රජු භාවිත කළ ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය ඕම් නමඃ ශිවාය