Перейти к содержимому

"මම දකිනවා" කියන මායාව මැසෙන හැටි | ස්පර්ශයේ යථාර්ථය

ඇස් ඇරෙන කතා ( As Arena Katha )

0:00 / 0:00

"මම දකිනවා" කියන මායාව මැසෙන හැටි | ස්පර්ශයේ යථාර්ථය

23 просмотра · 12 ч назад
ඇස් ඇරෙන කතා ( As Arena Katha )
1,48 тыс. подписчиков
23 просмотра · 12 ч назад
අපි හිතාගෙන ඉන්නේ ශරීරය ඇතුළේ "මම" කියලා කෙනෙක් ඉඳන් ජනෙල්වලින් වගේ ඇස් කන් වලින් ලෝකය දිහා බලනවා කියලා. ඒත් ඇත්තටම තියෙන්නේ අන්ත දෙකක් සහ මැද ක්‍රියාවලියක් විතරයි. අභ්‍යන්තර ආයතන හය එක් අන්තයක්. බාහිර ආයතන හය අනෙක් අන්තය. ඒ දෙක ගැටෙන සැණින් මැද විද්‍යුත් පුළිඟුවක් වගේ විඤ්ඤාණය පහළ වෙනවා. "තිණ්ණං සඞ්ගති ඵස්සො" — මේ තුනේ එකතුව ස්පර්ශයයි. මජ්ඣේ සූත්‍රයේදී ස්ථවිරයන් වහන්සේලා පෙන්වා දෙන්නේ, මේ අන්ත දෙකයි මැදයි එකට මහලා "මම දකිනවා, මම අහනවා" කියන මායාව හදන්නේ තණ්හාව නැමති මහන්නිය (තණ්හා සිබ්බනී) බවයි. ඒ මැස්ම නවත්වන උපදේශය බුදුරජාණන් වහන්සේ පාරේදී බාහිය දාරුචීරිය තවුසාට වදාළා: "දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති" — දුටු දෙයෙහි දුටු පමණක් වේවා. එසේ වූ විට "ඔබ මෙහිත් නැත, එහිත් නැත, ඒ දෙක අතරත් නැත. මෙයම දුකේ කෙළවරයි." ඒ කෙටි උපදේශය අසා බාහිය තවුසා එතැනම රහත් වුණා. ✍️ AmaNi ඔබේ අදහස පහළින් Comment කරන්න 👇 මේ දහම් කරුණ තව කෙනෙකුට තේරුම් ගන්න Share කරන්න. #බුදුදහම #බාහියසූත්‍රය #විදර්ශනා