සබ්බ සකල - 4_ලිංගික ආශාව නමැති සසරේ සැඟවුණු එන්ජිම
Banamaduwa
0:00 / 0:00
සබ්බ සකල - 4_ලිංගික ආශාව නමැති සසරේ සැඟවුණු එන්ජිම
18 просмотров · 11 часов назад
Banamaduwa
1,96 тыс. подписчиков
18 просмотров · 11 часов назад
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ අතීගම්භීර ශ්‍රී සද්ධර්මය සහ දම්සක් පැවතුම් සූත්‍රය පදනම් කරගනිමින්, සසර ගමනේ සැඟවුණු රහස මෙම වීඩියෝවෙන් ගැඹුරින් සාකච්ඡා කෙරේ. කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය යන අන්ත දෙකින් මිදී මැදුම් පිළිවෙත සොයායාම මෙහි මූලික පණිවිඩයයි. මිනිසා භවයෙන් භවයට බැඳ
තබන ප්‍රධානම මුදුන් මුල වන ලිංගික ආශාව සහ පංච කාමයන්හි ඇති නිස්සාර බවත්, ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය හරහා මාරයා අපව රවටන ආකාරයත් මෙහිදී පැහැදිලි කෙරේ. ලෝකයා ආදරය ලෙස දකින සම්මුති බැඳීම් අවසානයේ මිනීමැරුම්, ඛේදාන්ත සහ මාරයාගේ උගුලකට පාර කියන අයුරුත්, හේතුඵල
දහම සහ විදසුන් නුවණින් මනසේ මායාව තේරුම් ගෙන නිවන් මඟ උදා කරගන්නා ආකාරයත් මෙයින් මනාව වටහාගත හැකිය.
#SabbaSakalaGeethaya #Buddhism #Dhamma #MindAndReality #HetuppalaDahama #BuddhismInSinhala #Samsara #Mindfulness #SpiritualWisdom #BuddhistPhilosophy #බුදුදහම #දහම්පණිවිඩය #හේතුඵලදහම #සබ්බසකල #ශ්‍රීසද්ධර්මය
---
පද රචනය (Lyrics):
භවඳුර දුරලූ ශාක්‍යසිංහ ගෞතම
සම්මා සම්බුදු සමිඳාණෝ...
නොදැනම ඉපදුණ අසරණ සතහට
භවයට දුක පෙන්වා දුන් දුකට වෙදාණෝ....
ඝෝරබිරම් කටුක සසරේ තිත් ඝණඳුර
දුරලන මඟ පෙන්වූ දිණිදාණෝ...
පසඟ පිහිටුවා වඳිනෙමි තිලොවට
තිලකවු සම්බුදු සමිඳාණෝ....
[Choirs](සමිඳාණෝ, සමිඳාණෝ)
නොදැන ඉපිද භව කතරේ අනාථ වූ
අසරණ සතහට පෑ මෙත් කරුණාව....
අනේක දුක් විඳ සසරේ කිමිදි කිමිදි
පෙරුම් පුරා බුදු වී පෑ මහ මුදිතාව.....
නිනව් නැතිවම අතරමංවී සීල වෘතය
රකිනා අසරණ දනන් හට පෑ මහා කරුණාව....
ඉසිපතනේ මිගදායේ දෙසූ දම්සක් සුතුරෙන්
පෙන්වූ චතුර අරිය සත්‍යයෙ ප්‍රතිපදාව.....
[Music]
අනර්ථ අනරිය හීන ගම්ම පෝදුග්ජන
දුකට හේතු කාමයෙ සුඛයට ඇලීමය...
අනරිය අනර්ථ දුකටම හේතුව වූ
අත්ථ කිලමතා යෝගෙන් සසර සැදීමය....
සැපය දුකය ලස්සන කැත ද්වය නිශ්‍රිත
සිත සිතුවිලි සංස්කාර දුක නම් වූ මුලාවය......
දුකත් දුකට හේතුව වූ දුක් සමුදය
නවතන මඟ දහම් ඇසමයි නිවීමය.....
චතුර අංගයෙන් විරියක් ගත හැකි
පිනැති දූ පුතුන් අදටත් ලොව ඉපදෙනවා...
බුදුන් දෙසූ සත්ධර්මය ජීවමානවම
තවමත් සසුනේ රැව්පිලි රැව්දී බැබලෙනවා....
දිට්ඨ සුතය මුත විඤ්ඤා චතුරංගය
කුසල් කරන හේතුපල දහම් ඇස ඉපදෙනවා....
බෝධි පාක්ෂික සත්තිස නම් රූ ධාතුව ගති කර විදසුන් නුවණින් ක්ලේශයො නැති වෙනවා....
[Chorus][climax]
නාසය ඇස කන දිව කය තිබුණට
තනි තනියෙන් බැහැ සංඤා හඳුනන්න....
ශබ්ද ගන්ධ රස පස්සය ආලෝකය
ආදී හේතුන් ඇවැසිම බව දැකගන්න....
ඉන්ද්‍රියයන් ගෝචරයන් තිබුණත් පෙර හඳුනාගත්
පර දැනුමක් නැත්නම් බැහැ කෙලෙස් හදන්න...
පර දැනුමෙන් හැදුණ කෙලෙස් අවිදු අඳුර
නොපවතිනා ධාතුවෙ නැති බව දැකගන්න...
[Music]
සබ්බ සකල ලෝ ධාතුව හේතුපල දහම
ස්වභාව ධර්මය මතමයි පවතින්නේ....
නිත්‍යව තියෙන ඉන්නා කිසිවක් අටලෝ
දහමේ නැති බව දැකගන්නේ...
හේතු එකතුවෙන් හටගත් ලෝකය ඒ මොහොතෙම එතැනම නැති වන බව දැකගන්නේ....
මොහොතක්වත් නොපවතිනා සිත් ලෝකයෙ මායාවක් නම් කෙලෙසද භව කරගන්නේ.....
---
සබ්බ සකල ගීතය.