Перейти к содержимому

සමාවෙන්න 🥀 | Samawenna | සංවේදී සිංහල Rap ගීතය 💔 | Sinhala Emotional Rap

Ceylon Bars

0:00 / 0:00

සමාවෙන්න 🥀 | Samawenna | සංවේදී සිංහල Rap ගීතය 💔 | Sinhala Emotional Rap

13 просмотров · 12 дн. назад
Ceylon Bars
6 подписчиков
13 просмотров · 12 дн. назад
🥀 සමාවෙන්න | SAMAWENNA 💔 පුංචි ජීවිතයක්... මහ පොළොව මත හෙමින් ඇදුණු ගමනක්... මිනිසෙකුගේ නොසැලකිල්ල නිසා අවසන් වූ ඒ ජීවිතය වෙනුවෙන් සමාව ඉල්ලීමක්. 🐌💔 අපිට නොවැදගත් වුණත් තවත් ජීවියෙකුට ඒ ජීවිතය කොතරම් වටිනවාද? කරුණාව ගැන බණ ඇහුවත්, අපේ ක්‍රියාවෙන් ඒ කරුණාව පෙන්වනවාද? මේ ගීතය සියලුම ජීවීන්ගේ ජීවිතවල වටිනාකම ගැන හිතන්න කරන සංවේදී ආරාධනාවක්. ❤️‍🩹 🎧 ගීතයේ පද | LYRICS සමාවෙන්න ඇවිද්දාට පයින් කලුවරේ ජරබර සද්දෙට හිත පෑරෙනවානෙ කඳුලක් හෙළන්න හිතුනත් ඒක කරන්න මට බෑ නිවන් සුව පතනවා ඇර කුමක් කරන්නද මා.. හීන ගොඩක් දරාගෙන ඔබ සිටින්න ඇති පාරේ කුසට යමක් දාගන්නද ආවේ ඔබ රෑ සමාවෙන්න බිම නොබලා ඇවිද්දාට මම රෑ හිමින් තමා ජීවිතේ උඹේ ගෙවෙන්නෙ හැමදාම පටන් ගැන්ම විතරයි උඹ ගිය දුරකුත් නෑ පටන් ගත්ත තැනම මොකද වුණේ දන්නෙ නෑ ඇඟම කැඩිලා වේදනාවෙන් තොට කෑගහන්න බෑ උඹේ දුක දකින්න මටත් ඇස් තිබුණෙ නැද්ද මා.. සමාවෙන්න ඇවිද්දාට පයින් කලුවරේ ජරබර සද්දෙට හිත පෑරෙනවානෙ කඳුලක් හෙළන්න හිතුනත් ඒක කරන්න මට බෑ නිවන් සුව පතනවා ඇර කුමක් කරන්නද මා.. මගේ සතුට හින්දා ඔබේ ජීවිතේ අද නෑ උඹේ ළමයි උඹ එනකන් මාසයක් බලයි බඩගින්නට ඇවිද්දාට මරණය එනකොට අපිට කොයින්ද වෙන පිළිසරණක් නිවන් සැපත මිස අපිට කොයින්ද වෙන පිළිසරණක් නිවන් සැපත මිස පුංචි ජීවිතයක් නේද මේ මහ පොළොවෙ තිබුණේ කාටවත් කරදරයක් නැතුව උඹ හෙමින් ඇදුණේ මගේ එක අඩියකින් උඹේ ලෝකයම නැවතුණේ උඹට තිබුණු ජීවිතය මට මොන තරම් සුළු වුණේ උඹේ හඬ ඇහුණේ නෑ මට කෑගහන්න බැරි නිසා උඹේ දුක පෙනුණේ නෑ මගේ දෑස අඳුරු නිසා ආපහු හැරිලා බලද්දී කාලය ගිහින් නිසා සමාවෙයන් මට පුංචි සතෝ මං මිනිහෙක් නිසා.. හානියක් කිව්වට හානි කළේ අපි මවාගත් ලෝකෙකට නේද ගහක කොළයක් කෑවට මිනිසුන් බැන්නා නේද පොඩි වෙලා යද්දි පෑගිලා උඹ හිටියේ බඩගින්නේද කුඩු වෙලා වේදනාවෙන් ඉද්දී මිනිස්සු උඹට වතුර ටිකක් පෙව්වාද පෙර කළ කරුම පල දීගෙන යනවිට ඇයි මිනිස්සුන්ට බැරි වුණේ අඩිය තියන්න පරිස්සමට බණ ඇහුවත් පන්සලේ ඉඳන් ගෙදර යද්දී අපි ගැන හිතුවෙම නෑ නේද? බණ ඇහුවත් පන්සලේ ඉඳන් ගෙදර යද්දී අපි ගැන හිතුවෙම නෑ නේද? සමාවෙන්න ඇවිද්දාට පයින් කලුවරේ ජරබර සද්දෙට හිත පෑරෙනවානෙ කඳුලක් හෙළන්න හිතුනත් ඒක කරන්න මට බෑ නිවන් සුව පතනවා ඇර කුමක් කරන්නද මා.. මිනිහෙක් වෙලා ඉපදුණත් කරුණාව නොදත්තා නම් උඹට වඩා වෙනසක් මගේ ජීවිතේ තිබුණාද... 🙏 සියලුම ජීවීන්ට කරුණාව දක්වමු. ❤️ පුංචි ජීවිතයක් වුණත් ඒ ජීවිතයත් වටිනවා. 🎵 Song: Samawenna 🎤 Genre: Sinhala Emotional Rap 💔 Theme: Compassion | Humanity | Animal Life ඔබට මේ ගීතයේ පණිවිඩය දැනුණා නම් Like කරන්න, Comment එකක් දාන්න, ඔබේ යාළුවන් අතර Share කරන්න. ❤️ 🔔 තවත් සිංහල ගීත සහ නිර්මාණ සඳහා Subscribe කරන්න. #Samawenna #SinhalaRap #EmotionalRap #SinhalaSongs #AnimalLife #Kindness #Compassion #SinhalaMusic #CeylonBars