Перейти к содержимому

Gerandi Ella Full vlog | දියඇලි දාමයක් සොයාගිය අවදානම් ගමන | Relaxing In The Forest | Part 1

Eranda Fernando

0:00 / 0:00

Gerandi Ella Full vlog | දියඇලි දාමයක් සොයාගිය අවදානම් ගමන | Relaxing In The Forest | Part 1

1 306 просмотров · 3 г. назад
Eranda Fernando
635 подписчиков
1 306 просмотров · 3 г. назад
කලුගල ගැරඩි ඇල්ල. නකල්ස් රක්ශිතයේ එක් අන්තයක පිහිටා තිබෙන මේ කදුවැටිය දියඇලි දාමයකින් සමන්විතයි. උඩුදුම්බරින් කලුගල ග්‍රාමයට පිවිස මේ කන්ද තරනය කල හැකි අතර මෙය තරනය කිරීමට තරමක් අපහසු කන්දකි. මෙවර පොදු ප්‍රවාහනය වෙනුවට අපගේ බයික් වලින් මේ ගමන යාමට අප තීරනය කලේ කලින් වට සිදුවූ අපහසුතා මගහරවාගැනීමටයි. උදෑසන හිරු උදාවත් සමගම කෑගල්ලට ලගාවූ සමියා සහ රුවියා සමග සීතලේම බයික් දෙකෙන් කලුගල කරා අපි පිටත් වුනෙමු. කලුගල ග්‍රාමයේ ගැරඩිගල ආසන්නයේ නිවසක අපගේ යතුරුපැදි නවතා උදෑසනම ගමන ආරම්භ කිරීමට අපට හැකිවිය. ගමන ආරම්භකොට විනාඩි 20කට පමන පසු දියඇලි දාමය හොදින් දැකගැනීමට අපට හැකිවිය. මෙතෙන කුඹුරු යායකි. එතනින් පසුව ඇති මාන යාය පීරා ගොස් කැලයට අතුලු වූ අපට පලමු දියඇල්ල දැකගැනීමට හැකිවිය. පසුව දිවා ආහාරයට ගෙදරින් ගෙනා බත්මුල් දෙක අවසන් කොට නැවතත් අප කදුමුදුන බලා ගමන් ආරම්බ කලෙමු. ඉන්පසු තුන් වන හා හතර වන දියඇලි පහස විදීමෙන් අනතුරුව අපට හමුවනේ ගමනෙහි අමාරුම කොටසයි. නමුත් පේන තරම් යකා කලු නැත. එකට බැද තිබී ලනු තුනක හා ගලෙහි අස්සක හිරකර ඇති ලීයක ආදාරයෙන් ප්‍රථමයෙන් මා හට උඩට නැගීමට හැකිවිය. පසුව අපගෙනා ලනුව ආදාරයෙන් බෑග් උඩට ගැනීමෙන් අනතුරුව කන්ඩායමේ අනිත් අය උඩට ගැනීමට හැකිවිය. පසුව පස් වන හා හයවන දිඇලි දෙකත් පසුකල අපට හමුවනේ කන්දෙහි උඩම කොටසේ ඇති දල නැග්මකි. වර්ශාවක් නැති වූවත් පස් ලිස්සන සුලුය. කෙසේහෝ එතනින් කදුමුදුනට පැමින අප කැලයට ආසන්නයේ කූඩාරම් සකස් කලෙමු. ගමන් මහන්සිය නිවාගැනිමට වතුරට බැස්සද වතුරපාරේ සීතල අපට වැඩි වේලාවක් එහි රැදීසිටීමට ඉඩදුන්නේ නැත. පසුව රාත්‍රී ආහාර ගෙන සීතලේම කූඩාරම තුල සුව නින්දක් ලබාගැනීමට අපට හැකි වුනි. #camping #relaxing #hike #gerandiella #forest #cooking