Перейти к содержимому

මහ පාන්දර කඩ 4කට පැන්න හොරා...CCTV කැමරාවලටත් පහරදීලා දුන්න වැඩේ| Ada Derana

Ada Derana

0:00 / 0:00

මහ පාන්දර කඩ 4කට පැන්න හොරා...CCTV කැමරාවලටත් පහරදීලා දුන්න වැඩේ| Ada Derana

7 533 просмотра · 5 ч назад
Ada Derana
3,95 млн подписчиков
7 533 просмотра · 5 ч назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා මහ පාන්දර කඩ 4කට පැන්න හොරා... CCTV කැමරාවලටත් පහරදීලා දුන්න වැඩේ හැටන් නගරයේ වෙළෙඳසැල් හතරක් කඩා ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ මුදල් සහ භාණ්ඩ තොගයක් සොරාගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. අද (25) අලුයම් කාලයේදී මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ හැටන් නගරයේ පැති වීදියේ පිහිටි රන් ආභරණ නිෂ්පාදනාගාර තුනක් සහ සිල්ලර වෙළෙඳසැලකි. සැකකරු කිසියම් ආයුධයකින් වෙළෙඳසැල්වල දොරවල්වල අගුළු කපා ඇතුළු වී ඇති අතර, CCTV කැමරාවලට මිටියකින් පහරදී කඩා දමා ඇත. තවත් ඇතැම් කැමරාවල දිශාවන් වෙනස් කර ඇති අතර, ඔහු සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැල් දෙකක ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන්ව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් විසින් හැටන් පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews