ගේ ඇතුළේ | Original Sinhala Song
ආනන්දාව
0:00 / 0:00
ගේ ඇතුළේ | Original Sinhala Song
76 просмотров · 11 дней назад
ආනන්දාව
32 подписчика
76 просмотров · 11 дней назад
දිනපතා ගෙදරදොර වැඩ කටයුතු කරමින්, වෙහෙස නොබලා මුළු පවුලම රැකබලා ගත් මවක් පිළිබඳව ලියැවුණු, සිතට තදින්ම දැනෙන නිහඬ ගීතයකි. එදා කාර්යබහුල වූ ඇය, අද කිසිවක් කරකියා ගත නොහැකිව බලා ගත් අත බලා සිටින්නීය. තේ හැදීම, බත් පිසීම සහ පිඟන් කෝප්ප සේදීම වැනි ඇය අතින් පෙරදා නිරන්තරයෙන් සිදු වූ හුරුපුරුදු ගෙදරදොරේ වැඩ කටයුතු දැන් වෙනදා මෙන් සිදු නොවේ. පියා කඳුළු පිරුණු දෑසින් ඒ දෙස බලා සිටින අතර, එය දරා ගත නොහැකිව පුතා ඉවත බලා ගනී. අතීත මතක, ජීවිතයේ වෙනස්වීම් සහ සාමාන්‍ය පවුල් ජීවිතයක ගැබ්ව ඇති දරා ගත නොහැකි ආවේගාත්මක හැඟීම් පිළිබඳව "ගේ ඇතුළේ" නිර්මාණය විසින් ඉතා සංවේදීව ආවර්ජනය කෙරේ.
ගී පද: ආනන්ද කලපුගම
සංගීතය හා ගායනය: Suno AI
රූප රාමු: AI සහාය ලද කලා කෘති සහ සජීවිකරණය
ගී පද
ගේ ඇතුළේ
ගේ ඇතුළේ එහා මෙහා
කඩිසර ලෙස ගිය අම්මා
බලා ගත්ත අතම බලන්, බුම්මා ගෙන ඉන්නවා
තේ ගොටුවට කෝපි දමා
කෝප්පයට පෙරනවා
අම්මා කුස්සියේ ඉඳන්, උදේට තේ හදනවා
බත් මුට්ටිය රොස් වෙනවා
කර ගඳ නහයට එනවා
අම්මා කුස්සියට ඉඳන්, දවල් කෑම උයනවා
ඉඳුල් වතුර දෝරෙ ගලා
කුස්සිය මඩ වළක් වෙලා
අම්මා කුස්සියේ ඉඳන්, ඉඳුල් පිඟන් සෝදනවා
තාත්තගේ දෑස්වලට කඳුළු පිරෙනවා
බලා ඉන්න බැහැ මට, මං අහක බලනවා
-------------------------------------------------------
මෙම ගීතය ඔබ සිත් ගත්තේ නම්, තවත් මුල් සිංහල ගීත සඳහා Like කරන්න, Share කරන්න; Subscribe වන්න.