කරත්ත කවි | Karaththa Kavi | මෙච්චර කවි ලංකාවේ - 07 | Mahinda Prasad Masimbula
Santhawa Kavi TV
0:00 / 0:00
කරත්ත කවි | Karaththa Kavi | මෙච්චර කවි ලංකාවේ - 07 | Mahinda Prasad Masimbula
22 506 просмотров · 5 л. назад
Santhawa Kavi TV
24,3 тыс. подписчиков
22 506 просмотров · 5 л. назад
කරත්ත කවි
සිංහල ජන කවි සාහිත්‍ය තුළ "කරත්ත කවි" වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙය සම්පූර්ණයෙන්ම බැඳී ඇත්තේ කරත්ත වෘතිය මුල් කරගෙනය. අද මෙන් යාන වාහන නොතිබුණු යුගයක මගී ගමනාගමනය මෙන්ම බඩුභාණ්ඩ ප්‍රවාහනයද සිදුවූයේ කරත්ත මගිනි.
මෙයට විශාල ඉතිහාසයක් ඇති බවට සාධක තිබෙයි. ජාතක් කතා රාශියක මෙම ගැල් ගොනුන් සම්බන්ධ තොරතුරු හමුවෙයි. වැවිලි ආර්ථිකයක් සමඟ ලංකාවේ හතර දිබ්බාගයේ මාර්ග ඇතිවූ අතර මේවායේ බහුල ලෙස ගමනාගමනය සිදුවූයේ කරත්ත වලිනි. පසුව මහාමාර්ග බවට පත්වූයේද මෙම කරත්ත පාරවල් ම ය. කරත්ත වෘත්තිය සහ බැඳුණු අපූරු වාග් මාලාවක් ද ඒ ඔස්සේ ගොඩනැගුණු ප්‍රස්තාවපිරුළු සාහිත්‍යක්ද අප වහරේ පවතියි.
කරත්ත කවි ප්‍රමුඛ වශයෙන්ම යුගයක සමාජ පද්ධතියක් පිළිබිඹු කරන පුළුල් සමාජ කැඩපතක් ලෙසද ගැනිය හැකිය.
මිනිසාගේ සංවේදනා, කටුක දිවි පෙවෙත, දුක, සතුට, ජීවිත අභියෝග, ආදරය- සෙනෙහස, මිත්‍රත්වය, සංසාරය පිළිබඳ හැඟීම්, පරිසරය, උපහාසය, ආගමික සංකල්ප, ප්‍රාදේශීය නාම ආදිය කරත්ත කවි වල කැපී පෙනෙයි.
Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula
Santhawa Books: https://www.fb.com/santhawabooks