Перейти к содержимому

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි? | BBC News

BBC News සිංහල

0:00 / 0:00

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි? | BBC News

29 876 просмотров · 4 месяца назад
BBC News සිංහල
99,6 тыс. подписчиков
29 876 просмотров · 4 месяца назад
දිට්වා ආපදාව සිදු වී මේ වන විට මාස 5ක් ගත වී තිබේ. එයින් උඩරට දුම්රිය මාර්ගයට සිදුවුණු දැවැන්ත හානිය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු මුළුමනින් ම පාහේ අඩපණ විය. කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ධාවනය කෙරෙන්නේ, රඹුක්කන දක්වා පමණි. දිට්වා සුළි කුණාටුවෙන් දින 23කට පසු එම කොටසේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත්විය. එහෙත් මහනුවර සිට මාතලේ දක්වාත්, රඹුක්කන සිට මහනුවර දක්වාත්, මහනුවර සිට නාවලපිටිය දක්වාත්, නානුඔය සිට අඹේවෙල දක්වාත් මේ දක්වා දුම්රිය ධාවනය කෙරෙන්නේ නැත. මේ වසර අවසානය වන විට කොළඹ සිට යළි මහනුවරට දුම්රියක් ධාවනය කළ හැකි වෙතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන (අප්‍රේල් 27 වන දා පැවති) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසය පළ කළේය. බලධාරීන් මෙලෙස දුම්රිය ගමන් ආරම්භ කරන දින වකවානු ගැන පවසන අතර වාරයේ, මාස 5ක් ගතව ඇතැත් කොළඹ - මහනුවර අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට නොහැකි වීම හා එම කටයුතු මන්දගාමී බවට විපක්ෂ දේශපාලනඥයින්ගෙන් මෙන්ම ඇතැම් පිරිස්වලින් රජයට විවේචන එල්ල වෙමින් තිබේ. මෙම පසුබිම තුළ මෙතෙක් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර වී ඇත්තේ ඇයි දැයි අපි සොයා බැලුවෙමු. වාර්තාකරණය : සම්පත් දිසානායක කැමරාකරණය සහ සංස්කරණය : හරිනි දිසානායක විධායක නිෂ්පාදනය : ඉෂාරා ධනසේකර ඩ්‍රෝන ක්‍රියාකරු : අමිල බණ්ඩාර 00:00 - Intro 00:08 - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යගේ ප්‍රකාශය 00:48 - යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව ඇති දුම්රිය ස්ථාන 01:39 - වෙරළුගොල්ල දුම්රිය ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කර ඇති ආකාරය 02:42 - පේරාදෙණිය හා මහනුවර අතර කළු පාලම ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු සිදුවන අයුරු 03:37 - ගම්පොළ - නාවලපිටිය දුම්රිය මාර්ගයේ තත්ත්වය 04:15 - දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රකාශය 04:25 - දුෂ්කරතාවට පත් ප්‍රදේශවාසීන්ගේ අදහස් #ditwahcyclone #srilankaweather #srilankarailway #ministryoftransport #npp අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT ------------------------------------------------------------------------------ මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි. අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය. අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු. ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න: බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala   X 👉🏽 https://x.com/bbcsinhala #BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews