දොම්පෙට යන පාර කොයිබදෝ_[යූ.ඒ.එස්. පෙරේරා]/Dompeta yana para koibadoo_[U.A.S. Perera]
ආවර්ජනා_reflection
0:00 / 0:00
දොම්පෙට යන පාර කොයිබදෝ_[යූ.ඒ.එස්. පෙරේරා]/Dompeta yana para koibadoo_[U.A.S. Perera]
733 просмотра · 5 мес. назад
ආවර්ජනා_reflection
5,43 тыс. подписчиков
733 просмотра · 5 мес. назад
~~~~~~~~~~~~~~~~~~~~~
බිහිරි කතාව..
දොම්පෙට යන පාර කොයිබ දෝ...
(එච්.එම්.වී තැටියකට නැගුණු පළමු විරිඳු ගායනය)
~~~~~~~~~~~~~~~~~~~~~
නිර්මාණය/සංගීතය සහ ගායනය: යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා)
~~~~~~~~~~~~~~~~~~~~~
පිටිසරබද ආදි කාළයේ..
ගමයෙක් විය පරණ තාලයේ..
තරහ ගියොත් මිනිහ හරි සැරයි..
බඹරෙ වගේ ගමන කඩිසරයි..
ගමරාළගෙ පූරුවේ පවින්..
කන් ඇහෙන්නෙ නැතිලු දෙවියනේ..
ගමයෝදිය තමයි ඒ පැලේ..
වැඩ කටයුතු පිළිවෙලක් කලේ..
ගම මහගෙත් බිහිරි වු කෙනෙක්..
ඒක නිසයි දෙන්න පෑහුනේ..
දෙදෙනාගෙම කන ඇහෙන්නෙ නෑ..
ලණුවයි කණුවයි වගේ තමයි..
ගෙදර උන්නෙ එකම තරුණියයි..
ගම යුවලගෙ කොමළ දුවනියයි..
චීත්තයක් සමග මල් රැඳී..
බඳට කැපෙන හැට්ටයක් අඳී..
කරේ බැන්දෙ පබුළු ඇට පොටයි..
අතේ බම්බු වළලු දෙක නටයි..
දුටුව තරුණයන්ගෙ ඇස් පිනයි..
මුතු කුමාරි වාගෙ ලස්සනයි..
රෝස මලෙත් නටුවෙ කටු තිබේ..
ඒ ළමිස්සි බිහිරි විය ඉබේ..
ගමරාළගෙ බිහිරි පවුලකි..
එතන ගෙදර නිතර අවුලකි..
අවුල බලා කිකිළි නටනවා..
නටන කිකිළි කෙකර ගානවා..
ගමරාළගෙ කොටුව මේරුවා..
ගමය බතල ටිකක් හෑරුවා..
මේ වෙලාවෙ තරුණයෙක් ඇවිත්..
දොම්පෙට යන පාර අහනවා..
බිහිරි ගමය බතල ගැන හිතා..
ලාබට දෙනවා හිටිං පුතා..
ලොක්කෝ ඔය බතල මට එපා..
දොම්පෙට යන පාර කියනවා..
බතල හොදට පැහිල තියෙනවා..
හාරනකන් ටිකක් හිටිනවා..
මම ඇහැව්වෙ පාර නොවෙද ඕ...යි..
තමුසෙ බතල කතාවක් අහයි..
කෙහෙම්මලක් දන්නෙ නෑ වෙනින්..
ලොක්කි ඉන්නෙ ගිහින් අහගනින්..
දොම්පෙට යන පාර කොයිබදෝ..
අම්මේ මට කියා දෙන්නකෝ..
වියපු පැදුර දැන්ම දෙන්න බෑ..
සායම් ටික දමා ඉවර නෑ..
උඹේ උලව් පැදුර මට එපා..
දොම්පෙට යන පාර කියපියෝ..
මිළ වැඩි නෑ හරි ගජ ලාබයි..
සායම නෑ දෙන්නට ලෝබයි..
මේකත් මහ බිහිරි හටනයක්..
උඹේ ගෙදර නැද්ද වෙන කෙනෙක්..
අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්..
මේ මිනිහට පැදුර ගැන කියන්..
උඹවත් දැන් ඉතිං නංගියේ..
දොම්පෙට යන පාර කියාපන්..
තරුණෙක් මට එනව යයි කියා..
කපුට කීව මේ තමයි එයා..
අම්ම අප්ප දෙන්න කැමති නම්..
කසාදයට බොහොම කැමති මං..