අභයගිරි ස්තූපය (Abhayagiri Stupa / அபயகிரி ஸ்தூபம் )
Eranda lakmal - Gaweshakaya
0:00 / 0:00
අභයගිරි ස්තූපය (Abhayagiri Stupa / அபயகிரி ஸ்தூபம் )
12 493 просмотра · 6 лет назад
Eranda lakmal - Gaweshakaya
4,38 тыс. подписчиков
12 493 просмотра · 6 лет назад
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභයෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.
ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිටා ඇත්තේය. අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට, මහා පවුරුවලින් ද අලංකාර පොකුණු වලින්ද කැටයම් කරන ලද ගරාදි වැට සහ සඳකඩ පහණ යනාදිය පිරිවරා අභයගිරි දාගැබ ඇත. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්‍රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය. අන්තැනෙක පිහිටුවන ලද එහි ශාඛා වලින් ලෝකයේ අනිකුත් ප්‍රදේශ වලට එයින් වූ බලපෑම හඳුනාගත හැක. එපරිදි ශ්‍රී ලංකාවේ පුරාණ නගරය වූ අනුරාධපුරයේ, අභයගිරිය විහාරය, මහා විහාරය සහ ජේතවන බෞද්ධ විහාරික නිකායන්ට සමානවම නැගි සිටියේය. - විකිපීඩියා ඇසුරිනි.