Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Rajitha Jayamini Withanachchi
0:00 / 0:00
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
1 321 453 просмотра · 13 лет назад
Rajitha Jayamini Withanachchi
150 тыс. подписчиков
1 321 453 просмотра · 13 лет назад
කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
බුදුවෙන පුතුන් හට ඇය ඉණිමං තැනුවා
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනු රචනය -බන්දුල විජේවීර
ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී