තහංචි කවි | Thahanchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 15 | Mahinda Prasad Masimbula
Santhawa Kavi TV
0:00 / 0:00
තහංචි කවි | Thahanchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 15 | Mahinda Prasad Masimbula
42 419 просмотров · 5 лет назад
Santhawa Kavi TV
24,1 тыс. подписчиков
42 419 просмотров · 5 лет назад
තහංචි කවි/තහන්දි කවි
----------------------------------------
මේ මනරම් තහංචි කවි වලින් අපට හමුවන්නේ ඉතාමත් වටිනා අපූරු නිර්මාණාත්මක ගැමි නිරූපණ විධි මාලාවකි.එමෙන්ම මේවායේ එන නීති රීති නෙක ස්වරූප ගනියි.
'තහංචි' යනුවෙන් හඳුන්වන්නේ විරෝධතාව යි.මෙය විවිධ අවස්ථාවල විවිධ අයුරින් සිදුවෙයි.පරිපාලනමය විදිහට හෝ පුද්ගලික විදිහට විරෝධතා පැනවෙන අවස්ථා මිනිස් ජීවිතය තුළ වෙයි.විශේෂයෙන්ම රාජකාරී ප්‍රශ්න,පුද්ගලික අවස්ථා,ඉඩකඩං ආරවුල්,කුල මල කාරනා,පෙම් සබඳතා,ලිංගික කාරනා ආදියේදී නිල හෝ නොනිල වශයෙන් මේ තහංචි පැනවීම් සිදුවී තිබේ.තහංචි අතර කඩයිම් තහංචි,මායිම් තහංචි,දිසා තහංචි,වැට තහංචි,දෙපය තහංචි,වදන් තහංචි,මගුල් තහංචි ආදිය වේ.මේ අතර ජනප්‍රියම නිර්නාණාත්මකම තහංචි වර්ගය මගුල් තහංචි ය.
මෙය සම්පූර්නයෙන් ම කවියෙන් සිදුවන රසවත් ක්‍රනවේදයකි.මනමාලියක බලන්නට එද්දී මනමාලියගේ පැත්තෙන් මනමාලයාගේ පැත්තට පනවන තහංචි රැසකි.මනමාලයාගේ ඔඇත්තේ අය විසින් මෙම තහංචි හැරීම සිදුවෙයි.මේ තහංචි අතර කඩුලු තහංචිය,පියවිලි-පාවාඩ තහංචිය,වත්තේ සිවුකොන හා ඇඳ පුටු තහංචිය,මගුල් මඩු තහංචිය,එහි භාණ්ඩ තහංචිය,මුල් පුටු-අනෙක් පුටු තහංචිය,මගුල් මේසෙ-මගුල් පෝරු තහංචිය ආදිය වෙයි.මේ මගින් රසය,විනෝදය පමනක් නොව දැනුම වර්ධනය,සහයෝගිතාව, ආදිය ද වර්ධනය වෙයි.
'තහංචි කවි, සිංහල මානව කවිය නැමැති පරිපූර්ණ ලතාවේ රසැති ගුණැති අමා පලයක් වැනිය'.
Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula
Santhawa Books: https://www.fb.com/santhawabooks