සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි #walpola_gothama_thero
sundhara hudhakalaawa
0:00 / 0:00
සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි #walpola_gothama_thero
38 201 просмотр · 3 года назад
sundhara hudhakalaawa
82,7 тыс. подписчиков
38 201 просмотр · 3 года назад
#walpola_gothama_thero #bana සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි.ජීවත්ව සිටියදීම වද වේදනා විඳින මිනිසුන්ගේ දුක් නිවාලනු පිණිස බොහෝ උපකාරී වන වැදගත් දේශනාවකි.මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.ධර්ම දානය පිණිස අන් අයට ද ශෙයා කරන්න.
මෙම දේශනාව සඳහා ඇසුරු කරගත් සූත්‍ර දේශනාව_
සුදත්ත නම් දිව්‍ය පුත්‍රයා බුදු රජාණන් වහන්සේ සමපයෙහි පැවසූ ගාථාවට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒම ගාථාවේ අඩුව පෙන්වමින් වදාළ පිළිතුරු ගාථාව.
සුදත්ත දිව්‍ය පුත්‍රයා/
"සත්තියා විය ඔමට්ඨො
ඩය්හමානොව මත්ථකෙ
කාමරාගප්පහානාය
සතො භික්ඛු පරිබ්බජෙ"ති.
තේරුම*****
"හුලකින් අනිනු ලැබූවකු
හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද
හිස ගිනිගත්තකු
ඒගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද
භික්ෂුව කාමරාගය දුරලනු පිණිස
සිහි ඇතිව උත්සාහ කරන්නේය"
බුදු රජාණන් වහන්සේ/
"සත්තියා විය ඔමට්ඨො
ඩය්හමානොව මත්ථකෙ
සක්කායදිට්ඨිප්පහානාය
සතො භික්ඛු පරිබ්බජෙ"ති
තේරුම*****
හුලකින් අනිනු ලැබූවකු
හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද
හිස ගිනි ගත්තකු
ඒ ගිනි නිවන්නට උත්සාහ කරන්නාක් මෙන්ද
භික්ෂුව සිහි ඇතිව සක්කාය දිට්ඨිය වනසනු පිණිස
උත්සාහීව වාසය කරන්නේය.
සංයුක්ත නිකාය/සගාථා වග්ගපාළි/දේවපුත්ත සංයුත්තය/අනාථපිණ්ඩික වග්ගය/වාසුදත්ත සූත්‍රය