Перейти к содержимому

සූනියම් යක්ශණිය | Sri Lankan Tradition Suniyam Yak Shanthi karma

SL Wandering

0:00 / 0:00

සූනියම් යක්ශණිය | Sri Lankan Tradition Suniyam Yak Shanthi karma

40 113 просмотров · 5 лет назад
SL Wandering
7,08 тыс. подписчиков
40 113 просмотров · 5 лет назад
සූනියම් යක්ෂණියගේ වේෂත්‍රය... සූනියම් යක්ෂණිය අවස්ථා තුනකදී වේෂයන් තුනකින් පැමිණේ. 1. තරුණියක් ලෙස 2. ගැහැණියක් ලෙස 3. මවක් ලෙස මෙම අවස්ථා ත්‍රිත්වයේ දක්නට ලැබෙන පොදු නාට්‍යමය ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය. 1. රංග වස්ත්‍ර හා වෙස් මුහුණු භාවිතය තරුණියක් ලෙස කුඩා ගැහැණු වෙස් මුහුණක් පැලඳ, ගොක් කොළවලින් කොණ්ඩයක් බැඳ, සුදු වස්ත්‍රයක් හැඳ එයින්ම මුහුණ වසාගෙන පැමිණේ. ගැබිණියක් ලෙස තරුණියක් ලෙස පැලඳි වෙස් මුහුණ ගලවා වෙනත් වෙස් මුහුණක් පැලඳ, සුදු වස්ත්‍රයම හැඳ, එම වස්ත්‍රයට යටින් උදරයට කොට්ටයක් බැඳගෙන පැමිණේ. මවක් ලෙස කලින් තරුණියක් ලෙස පැලඳි වෙස් මුහුණම පැලඳ, උදරයට බැඳි කොට්ටය ගලවා, සුදු වස්ත්‍රයම හැඳ, දරුවෙක් ලෙස බෝනික්කෙකු අතින් ගෙන පැමිණේ. 2. ආංගික අභිනය තරුණියක් ලෙස ලේන්සුවෙන් මුහුණ පිස දමයි. ලෙන්සුවේ කොනක් ගෙන කටේ දමා සපයි. මලක් කඩා කනේ ගසා ගනියි. නන් අයුරින් උකුළු - මුකුළු කරයි. ගැබිණියක් ලෙස මහත් වේදනාවෙන් ගාට ගාට ඇවිදියි. 'උපනුපන් ජාති ජාතිත් මේ වගේ කරදරයක් කාටවත් වෙන්න එපා' යනුවෙන් තමන්ගේ වේදනාව වචනයෙන් ද ප්‍රකාශ කරයි. මවක් ලෙස දරුවා අතින් ගෙන නලවමින්, කවි කියමින් පැමිණේ. 3. වාචික අභිනය තරුණියක් ලෙස යකැදුරා ඇයට පළමුව 'ආච්චි අම්මා' ලෙසත්, දෙවනුව 'අක්කණ්ඩි' ලෙසත් අමතන විට ඇය කෝප වේ. අවසානයේ 'නංගිහාමි' යනුවෙන් ඇමතූ විට ඇය සතුටුව යකැදුරාට උකුළු මුකුළු පායි. මේ අනුව වරදවා වටහා ගැනීම් නිසා මෙම සංවාදයෙන් හාස්‍යය උපදී. ගැබිණියක් ලෙස ඇය තමන් ගැබ්ගෙන ඇති බව නොදනී. ඇය සිතන්නේ තමාට උදරයේ අමාරුවක් සෑදී ඇති බවයි. ඇයගේ දොළදුක් පිළිබඳ විමසා බලන යකැදුරා ඇය ගැබ්ගෙන ඇති බව ඇයට පැහැදිලි කර දේ. ඒ අනුව මෙම සංවාදයෙන් ද වරදවා වටහා ගනීම නිසා හාස්‍යය උපදින බව අපට පෙනී යයි. මවක් ලෙස තමාගේ දරුවාගේ පියා කවුරුන්දැයි ඇය නොදනී. නම ලියාපදිංචි කරන රාළහාමි ඇයගෙන් දරුවාගේ පියාගේ නම විමසූ බවත්, එවිට ඇය නම් බොහෝමයක් කියූ බවත්, එම නිසා දරුවාට හොඳම නම 'කලවම්දාස' යැයි රාළහාමි පැවසූ බවත් ඇය යකැදුරාට පවසයි. 4. සංගීතය සහ නර්තනය මෙම අවස්ථා තුනේදීම පහතරට බෙරය හා ගෙජ්ජි යන සංගීත භාණ්ඩ භාවිත වේ. එසේම මවක් ලෙස පැමිණෙන අවස්ථාවේදී දරුවා නලවන විට කවියක් ගායනා කරයි උදා: අත්තක පිපි මලක් ලෙසේ මගේ පුතා මටත් උසේ දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා සූනියම් යක්ෂණිය අවස්ථා තුනේදීම වේශයට ගැළපෙන ආකාරයට විවිධ ගමන් තාල භාවිතා කරයි.