මගේ ලෝකේ ..පිය රජු.... Lyrics by Vinu RuVinu Production
RuVinu Productions
0:00 / 0:00
මගේ ලෝකේ ..පිය රජු.... Lyrics by Vinu RuVinu Production
385 просмотров · 11 дн. назад
RuVinu Productions
57 подписчиков
385 просмотров · 11 дн. назад
මගේ ලෝකේ ..පිය රජු....
(දියණියකගේ සෙනෙහසේ උපහාරය)
[Verse 1]
රජ වෙන්නට නොවේ වෙහෙසුණේ නුඹ...
කැප කළේ නුඹ සතු සියලු දේ...
කිරුළ වෙනුවෙන් සටන අත්හැර...
දරුවන් වෙනුවෙන් කැප වුණේ...
මලක මෙලෙකට නොවේ හැදුවේ...
දුවක වූවත් මා මේ භවේ...
දිරිය ගන්නට කියා දුන්නේ...
රණබිමේ සෙබළෙකු වගේ...
[Chorus]
මටත් වඩා මා හඳුනනා...
උපන්දා සිට මා ගැන දන්නා...
මගේ ලෝකේ සක්විති රජු...
තාත්තේ නුඹමයි සදා...
මුවින් නොකියනා ආදරේ...
හද ගැබේ සඟවා තබා...
නොසෙලෙනා මහමෙර වගේ...
තාත්තේ නුඹ මගේ ලොවේ...
[Verse 2]
දිවි මඟේ මහ බරක් දැරූ...
හිනිමං තනන්නට නිදිවැරූ...
කිරුළු පළඳා ලොව දිනන්නට...
මං තැනූ මහ පිය සෙනේ...
වැටෙන හැම විට දිරිය වී නුඹ...
ළඟින් සිටියා ජීවිතේ...
නුඹේ පසුපස මම හිඳින්නම්...
සැඳෑ සමයේ දිවි මඟේ...
[Bridge]
නුඹේ ගුණදම් රැගෙන දිවියට...
කියා දුන් මාවතේ යමී...
ලොවම ජයගෙන රැගෙන සිහසුන...
තබමි නුඹ එහි මහ රජු ලෙසින්...
[Final Chorus]
රජ දහනේ මහ රජු ලෙසින්...
දීඝායු ලැබ සන්තෝසින්...
විවේකී සුවය විඳිමින්...
තුටින් ඉනු මැන පිය රජුනි...
[Outro – Soft & Emotional]
සසරේ හැම භවයකම...
නුඹම වේවා මගේ පිය රජුන්...
නුඹ රැස් කරනා මහ පින් බලෙන්...
එතෙර වෙමු අපි සසරෙන්...
තාත්තේ... මගේ පිය රජුනි...
මං ආදරෙයි... සදාකල්...