බොජ්ඣංග ධර්ම වැඩීම ~ Most Venerable Watagoda Maggavihari Thero.
සබ්බදානං ධම්ම දානං ජිනාති
0:00 / 0:00
බොජ්ඣංග ධර්ම වැඩීම ~ Most Venerable Watagoda Maggavihari Thero.
718 просмотров · 3 дня назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,53 тыс. подписчиков
718 просмотров · 3 дня назад
මානසික සහ කායික රෝග පවා සුවවන බොජ්ඣංග ධර්ම.
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: IIT International Institute of Theravada Global.
ත්‍රිපිටකයේ මහ පිරිත් පොතෙහි එන මහා කස්සපත්‍ථේර බොජ්ඣංග සූත්‍රය,
මහා මොග්ගල්ලානත්‍ථේර බොජ්ඣංග සූත්‍රය සහ මහා චුන්දත්‍ථේර බොජ්ඣංග සූත්‍රය
යන බොජ්ඣංග සූත්‍ර ත්‍රිත්වයේම අන්තර්ගත වන මූලික ධර්ම පාඨයයි.
~ සත්තීමානි භික්ඛවේ බොජ්ඣංගානි මයා සම්මදක්ඛාතා,
භාවිතා බහුලීකතා අභිඤ්ඤාය නිබ්බානාය සංවත්තන්ති.
කතමානි සත්ත?
සතිසම්බොජ්ඣංගෝ, ධම්මවිචයසම්බොජ්ඣංගෝ,
විරියසම්බොජ්ඣංගෝ, පීතිසම්බොජ්ඣංගෝ,
පස්සද්ධිසම්බොජ්ඣංගෝ, සමාධිසම්බොජ්ඣංගෝ,
උපෙක්ඛාසම්බොජ්ඣංගෝ’ති.
ඉමානි ඛො භික්ඛවේ සත්ත බොජ්ඣංගානි තී ~
මහණෙනි, මා විසින් නිවැරදිව දේශනා කරන ලද, නුවණින් ප්‍රගුණ කරන ලද,
බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද, විශිෂ්ට ඥානය පිණිසත් නිවන් සුව පිණිසත්
හේතුවන බොජ්ඣංග ධර්ම හතක් 7 ඇත.
ඒ කවර හතක්ද:
සති සම්බොජ්ඣංගය – සිහිය පිහිටුවා ගැනීම.
ධම්මවිචය සම්බොජ්ඣංගය – නුවණින් ධර්මය පරීක්ෂා කිරීම ප්‍රඥාව.
විරිය සම්බොජ්ඣංගය – කුසල් දහම්හි යෙදෙන වීර්යය.
පීති සම්බොජ්ඣංගය – ධර්මානුකූලව ඇතිවන ප්‍රීතිය.
පස්සද්ධි සම්බොජ්ඣංගය – කය සහ සිත සංසුන් වීම.
සමාධි සම්බොජ්ඣංගය – සිත එකඟ කරගැනීම - ඒකාග්‍රතාව.
උපෙක්ඛා සම්බොජ්ඣංගය – මධ්‍යස්ථ බව උපේක්ෂාව.
මහණෙනි, මේවා මා විසින් මනාව දේශනා කරන ලද සප්ත බොජ්ඣංග ධර්මයෝය.
බොජ්ඣංග යනු: බෝධි චතුරාර්ය සත්‍ය අවබෝධය නිවන අංග
හේතු වන කොටස්) යන්නෙන් නිවන් අවබෝධයට උපකාරී වන සාධක යනු මෙහි අර්ථයයි.
ලෞකික හා ලෝකෝත්තර අර්ථය: බොජ්ඣංග ධර්ම වැඩීමෙන් මානසික සහ
කායික රෝග පවා සුවවන අතර (පිරිත් දේශනාවලදී උන්වහන්සේලා
සුවපත් වූයේ මේ නිසාය, එහි අත්‍යන්ත ප්‍රතිඵලය වන්නේ
සියලු කෙලෙසුන් නසා ලබන අමෘත මහා නිර්වාණ සුවයයි.
නිර්වාන අධිගමනය සඳහා පූර්ණකලයුතු බෝධිපාක්ෂික ගුණධර්ම 37.
1. සතර සතිපට්ඨාන සිහිය පිහිටුවීම් - 4
කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා
2. සතර සම්මප්පධාන සම්‍යක් ප්‍රධානයන් වීර්යයන් 4
නූපන් අකුසල් නොඉපදවීම, උපන් අකුසල් ප්‍රහීණ කිරීම,
නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් දියුණු කිරීම
3. සතර ඉද්ධිපාද ඍද්ධි පාදයන් - 4
ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, වීමංසා ඉද්ධිපාද
4. පංච ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම - 5
සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය
5. පංච බල බල ධර්ම -
සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල
6. සප්ත බොජ්ඣංග බොජ්ඣංග ධර්ම - 7
සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා
7. ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග අංග - 8
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
අභිධර්ම විග්‍රහය:
බෝධිපාක්ෂික ධර්ම 37 ක් ලෙස විවිධ නාමයන්ගෙන් දක්වා තිබුණද,
අභිධර්මයේ එකිනෙක චේතසික - පරමාර්ථ වශයෙන් විශ්ලේෂණය කර බලන විට
එහි ඇත්තේ පරමාර්ථ ධර්ම 14 ක් පමණි
උදා: වීර්යය යන්න ප්‍රධානයන් 4, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග,
මාර්ග අංග ලෙස ස්ථාන කිහිපයකම නැවත නැවත යෙදේ.
නිවන් මගෙහි පූර්ණත්වය: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට
ආසන්න මොහොතේදී පවා සංඝයා වහන්සේලාට අවධාරණය කළේ
නිවන් දැකීමට නම් මෙම බෝධිපාක්ෂික ධර්ම 37 මනාකොට ප්‍රගුණ කළ යුතු බවයි.
9th Sep 2029 (Indi Her)
෴ධම්මෝ ලෝකේ සමුප්පනෝ හිතාය සබ්බ පානිනං෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
~ සියළුම දේශනා මාලා සහ අත් පිටපත් පහත සබැඳියෙන් පිලිවෙලින් - (Play Lists - Hand Outs ~
https://drive.google.com/file/d/1z727...
IIT International Institute of Theravada Global.
Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614