අෂ්ඨාංග උපෝසථ සීලය, ආජීව අෂ්ඨමක සීලයට වඩා අධිසීලයක් වන්නේ ඇයි? | අති පූජ්ය එල්ලාවල විජිතනන්ද හිමි
Medamawatha (මැදමාවත)
0:00 / 0:00
අෂ්ඨාංග උපෝසථ සීලය, ආජීව අෂ්ඨමක සීලයට වඩා අධිසීලයක් වන්නේ ඇයි? | අති පූජ්ය එල්ලාවල විජිතනන්ද හිමි
1 127 просмотров · 1 г. назад
Medamawatha (මැදමාවත)
5,7 тыс. подписчиков
1 127 просмотров · 1 г. назад
ධර්ම දේශනා ගොනුව : • විපස්සනා භාවනාව පුහුණුවට අදාල කෙටි මාතෘකා ...
සියලු අකුසල් 10යි, ඉන් පාප ගනයේ අකුසල් 7යි (පස් පව් යනු එයින් 5ක්)
වාචසික අකුසල් 4 (පාප ගනයේ අකුසල් 7න් 4ක්):
1. මුසාවාදා (බොරු කීම)
2. පිසුනාවාචා (කේලාම් කීම)
3. පරුශාවචා (පරුෂ වචන කීම)
4. සම්පප්රලාපා (හිස් වචන කීම)
පංච සීලයෙන් රැකෙන අකුසල් (වාචසික අකුසල් 4න් එකයි අඩංගු)
1. සතුන් මැරීම
2. සොරකම් කිරීම
3. කාමේහිවරදවා හැසිරීම
4. බොරුකීම (වාචසික අකුසල්)
5. මත්වීම
ආජීව අෂ්ඨමක සීලයෙන් රකින අකුසල් 8
1. පාණාතිපාතා (සතුන් මැරීම)
2. අදින්නාදානා (සොරකම් කිරීම)
3. කාමේසුමිච්චාචාරා (කාමේහිවරදවා හැසිරීම)
4. මුසාවාදා (බොරු කීම)
5. පිසුනාවාචා (කේලාම් කීම)
6. පරුශාවචා (පරුෂ වචන කීම)
7. සම්පප්රලාපා (හිස් වචන කීම)
8. මිථ්යා ආජීවා (වැරදි ආජීවය)
සියලු කායික අකුසල් 3න් හා සියලු වාචසික අකුසල් 4න් වැලකී සිටින විට පවා තිබිය හැකි අකුසල් 2 (සංකල්පීය):
අභිජ්ජා, දෝමනස්සයි
අකුසල් සංකල්පනා (සංකල්පීය අකුසල්)
1. ඇලීම = අභිජ්ජා
2. ගැටීම දෙආකාරයක්:
ව්යාපාද (කායික වාචසික අකුසල් උපදවන සංකල්පීය ගැටීම)
දෝමනස්ස (කායික වාචසික අකුසල් බවට පත්නොවූ සංකල්පීය ගැටීම)
උපෝසථ අෂ්ඨාංග සීලය මගින් වලකින ක්රියා
1. පාණාතිපාතා 2. අදින්නාදානා
3. අබ්රහ්මචරියා 4. මුසාවාදා
5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා
6. විකාල භෝජනා
7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ
විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා
8. උච්චාසයනමහාසයනා
“සබ්බපාපස්ස අකරණං” සියලු කායික හා වාචසික අකුසලින් වැලකීම (සියලු පව් හෙවත් පාප ගනයේ අකුසල් 7න් වැලකීම)
සංකල්පීය අකුසල් 2වන ඇලීම (අභිජ්ජා) හා ගැටීම (දෝමනස්ස)
අවම වන ගිහි සීලය අෂ්ඨාංග උපොසථ සීලයයි
6 වන ශික්ෂා පදය: “විකාල භෝජනා වේරමණී”
දවස තුල ආහාර ගන්නා කාල පරාසය සීමා කිරීම මගින් අහාර ගැන ඇතිවන සංකල්පීය අකුසල් අඩු කිරීම.
7. “නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා”
මෙම ක්රියාකාරකම් වලින් වැලකීමෙන් ඒවා නිසා ඇතිවන සංකල්පීය අකුසලින් වැලකීම,
8. “උච්චාසයනමහාසයනා”
පුද්ගලයන් උසස් පහත් ලෙස බෙදීම් නිසා ඇතිවන සංකල්පීය අකුසල් අඩු කිරීමට සියල්ලන්ම සමානව ගැනීම.
*** භාවනාවේ කෘත්යය: අභිජ්ජා දෝමනස්ස අහක් කිරීමයි.
*** අභිජ්ජා දෝමනස්ස ඇතිවන ක්රියා ඒ කෘත්යයට බාධාවේ.
*** අෂ්ඨාංග සීලය අභිජ්ජා, දෝමනස්ස අවම කරයි.
__________________________________________
අකුසල්10: කායික 3යි, වාචසික 4යි, මානසික 3යි.
කායික 3යි+ වාචසික 4යි = පාප ගනයේ අකුසල් 7.
හවනාවට සුදුස්සකු වීමට දුරු කලයුතු අකුසල් 7 (සියලු පව්):
1. සතුන් මැරීම
2. සොරකම් කිරීම
3. කාමේහිවරදවා හැසිරීම
4. බොරුකීම
5. කේලාම් කීම
6. පරුෂ වචන කීම
7. හිස් වචන(සම්පප්රලාප)
(1, 2, 3 කායික, 4, 5, 6, 7 වාචසික අකුසල්)
දස අකුසල් (සියලු අකුසල්)
1. සතුන් මැරීම
2. සොරකම් කිරීම
3. කාමේහිවරදවා හැසිරීම
4. බොරුකීම
5. කේලාම් කීම
6. පරුෂ වචන කීම
7. හිස් වචන(සම්පප්රලාප)
8. අභිජ්ජා (ඇලීම)
9. ව්යාපාද (ගැටීම)
10. මිත්යා දිට්ඨිය
(8, 9, 10 මානසික අකුසල්)
සියලු බුදුවරයන් වහන්සේලාගේ උපදෙස: “සබ්බපාපස්ස අකරණං”
සියලු පව් (පාප ගනයේ අකුසල් 7) දුරු කිරීමයි. සියලු පව් 7ම සීලයෙන් රැකිය හැකියි (සීල ශික්ෂාවෙන්)
සැකසුම සහ විශේෂ ස්තුතිය : ශානි මහත්මිය