14. ශ්‍රද්ධා සහ ප්‍රඥා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
DHARMA DESHANA - ධර්ම දේශනා
0:00 / 0:00
14. ශ්‍රද්ධා සහ ප්‍රඥා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
14 572 просмотра · 2 года назад
DHARMA DESHANA - ධර්ම දේශනා
12,3 тыс. подписчиков
14 572 просмотра · 2 года назад
14. ශ්‍රද්ධා සහ ප්‍රඥා භාවනාව.
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ.
ශ්‍රද්ධාව සහ ප්‍රඥාව - දෙකම වැඩෙන ආකරයේ කමටහනක්.
~ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව - වැඩෙන ආකරයේ කමටහනක් ~
මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා!
මා මෙන්ම, සියළුම සත්වයෝ, දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා! ///
(ඔබට හොඳට වඩාත් මතක තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හොඳට සිතට නගා ගන්න, සිරසේ සිට සිරිපතුල් දක්වාම හොඳට ඒ භාග්‍යවතුන් වහන්සේ දෙස සිහියෙන් මණසිකාරය කරන්න, සමාධි ආසනයක් නම්, ආසනයේ සිට සිරස දක්වාමත්, සිරසේ සිට පහතටත්, හොඳට මණසිකාරය කරන්න)
~ මාගේ ස්වාමීවූ, බුදු රජාණන් වහන්සේ, සියළු කෙලෙසුන් නැසූ සේක, රහසින්වත් පව් නොකල සේක, ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක,
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කෙරෙහි, මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා,
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඇසින් රූප බලා, ඒ රූප කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලා නොවුණු සේක, තණ්හාව දුරු කල සේක,
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, නිකෙලෙස් වන සේක
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුව එන, සුන්දර බුද්ධ ශ්‍රාවකයා වෙමි මම, එසේ හෙයින් මා නිකෙලෙස් විය යුතුය, එහෙයින් මමද, ඇසින් රූප බලා, නොඇලිය යුතුය, නොගැටිය යුතුය, මුලා නොවිය යුතුය, ආසාව දුරු කල යුතුය, නිකෙලෙස් හද මඬලකින්, යුතු වියමය, මාතුළ උතුම් අරහත්වය, සාක්ෂාත් කල යුතුය,
මාගේ ස්වාමීවූ, බුදු රජාණන් වහන්සේ, කණින් ශබ්ද අසා, ඒ ශබ්ද කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලා නොවුණු සේක, ආසාව දුරු කල සේක, නිකෙලෙස් වන සේක.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ, සුන්දරවූ බුද්ධ ශ්‍රාවකයා වෙමි මම, එහෙයින් මා තුලද, කණින් ශබ්ද අසා, නොඇලිය යුතුය, නොගැටිය යුතුය, මුලා නොවිය යුතුය, ආසාව දුරු කල යුතුය, නිකෙලෙස් විය යුතුය
මාගේ ස්වාමීවූ, බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ විඳ, ඒ ගඳ සුවඳ කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලා නොවුණු සේක, ආසාව දුරු කල සේක, නිකෙලෙස් වන සේක
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ, සුන්දරවූ බුද්ධ ශ්‍රාවකයා වෙමි මම, එහෙයින් මා තුළද, නාසයෙන් ගඳ සුවඳ විඳ, ඒ ගඳ සුවඳ කෙරෙහි, නොඇලිය යුතුය, නොගැටිය යුතුය, මුලා නොවිය යුතුය, තණ්හාව දුරු කල යුතුය, නිකෙලෙස් විය යුතුය
මාගේ ස්වාමීවූ, බුදු රජාණන් වහන්සේ, දිවෙන් රස විඳ, ඒ රසය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලා නොවුණු සේක, ආසාව දුරු කල සේක, නිකෙලෙස් වන සේක
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ, සුන්දරවූ බුද්ධ ශ්‍රාවකයා වෙමි මම, එසේහෙයින් මා තුළද, දිවෙන් රස විඳ, ඒ රසය කෙරෙහි, නොඇලිය යුතුය, නොගැටිය යුතුය, මුලා නොවිය යුතුය, ආසාව දුරු කල යුතුය, නිකෙලෙස් විය යුතුය
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, කයෙන් පහස විඳ, ඒ පහස කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලා නොවුණු සේක, ආසාව දුරු කල සේක, නිකෙලෙස් වන සේක
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ, සුන්දරවූ බුද්ධ ශ්‍රාවකයා වෙමි මම, එසේහෙයින් මමද, කයෙන් පහස විඳ, ඒ පහස කෙරෙහි, නොඇලිය යුතුය, නොගැටිය යුතුය, මුලා නොවිය යුතුය, ආසාව දුරු කල යුතුය, නිකෙලෙස් විය යුතුය
මාගේ ස්වාමීවූ, බුදු රජාණන් වහන්සේ, මනසින් අරමුණු ගෙන, ඒ අරමුණු කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලා නොවුණු සේක, ආසාව දුරු කල සේක, නිකෙලෙස් වන සේක
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ, සුන්දරවූ බුද්ධ ශ්‍රාවකයා වෙමි මම, එහෙයින් මා තුළද, මනසින් අරමුණු ගෙන, ඒ අරමුණු කෙරෙහි, නොඇලිය යුතුය, නොගැටිය යුතුය, මුලා නොවිය යුතුය, තණ්හාව දුරු කල යුතුය, නිකෙලෙස් විය යුතුය ///
සාධු සාධු සාධූ!
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
▶️ Link භාවනා: • භාවනා (Meditation)
▶️ Link: • Плейлист
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?...
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: https://invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: https://wa.me/message/BT2S54YZQ24JD1
වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416